මන්නාරමෙන් අස්ථි කොටස් මතුවෙයි

මන්නාරමෙන් අස්ථි කොටස් මතුවෙයි

අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා හෑරු පස් තොගය වෙනත් ස්ථානයකට දැමීම සඳහා ටිපර් රථයකින් රැගෙන ගොස් ඇති අතර එම පස් තොගයේ තිබී අස්ථි තොගය දැකීමෙන් පසු මන්නාරම් පොලීසිය දැනුවත් කර තිබේ.

අනතුරුව මන්නාරම පොලීසිය විසින් එම ස්ථානයට පැමිණ පස් ගොඩේ තිබී අස්ථි කිහිපයක්ම සොයාගෙන ඇති අතර පස් හෑරු ස්ථානයේද පරීක්ෂා කිරීම සඳහා මන්නාරම අධිකරණයට දැනුම් දී ඇත.

මේ අනුව ඉදිරියේදී අධිකරණ නියෝගයකින් අස්ථි හමු වූ ස්ථානය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට එම් ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයා ඇත.

හමු වූ අස්ථි මිනිස් අස්ථිද යන්න සෙවීම සඳහා රජයේ රසපරීක්ෂකවරයාට යොමු කොට ඇති බවට පරීක්ෂණ සිදු කරන මන්නාරම පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

mannarama asthi 4

mannarama asthi 5

mannarama asthi 1

mannarama asthi 2

mannarama asthi 3

රොමේෂ් මධුෂංඛ - වන්නි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment