පිස්තෝල පෙන්නූ තාරුකාට නැවතත් ඇප නෑ


පසුගියදා කොස්වත්ත ප්‍රදේශයේදී බස් රියදුරු මහතෙකුට පිස්තෝල පෙන්වමින් තර්ජනය කරමින් පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී කසුන් මීගස්දෙණිය හා ඔහුගේ බිරිය තාරුකා මධුභාෂිණි පසුගිය මාර්තු 10 වනදා සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඊයේ ඔවුන්ට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ ඇප ඉල්ලා සිටි මුත්
විනිසුරු එය

ප්‍රතික්ෂේප කරන ලදි. ඒ අනුව ඔවුන් ලබන 3 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට නියම විය.
චණ්ඩි මල්ලී නමින් හැඳින්වුණ දිවංගත පළාත් ඇමති එම්කේ රංජිත්ගේ පුතා හා ලේලිය වන මෙම දෙදෙනා පහරදීමෙන් පසු සිදු කළ විමර්ශනයේදී රියදුරු හා අවට අය බියවැද්දීමට භාවිත කළ පිස්තෝලය කල් ඉකුත්වූ බලපත් ඇති එකක් වූ බව අනාවරණය වූ අතර එය භාවිත කරන ලද්දේ බලපත්‍රය ඇති කසුන් නොව බලපත්‍ර නැති ඔහුගේ බිරිය බවද අනාවරණය විය.
මෙම සිද්ධිය වීඩියෝ ගත කිරීම නිසා ඔවුන්ට එරෙහි  සාක්ෂි ප්‍රබල විය.

අයිරංගි එදිරිසිංහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment