මධුෂ්-ඩුබායි රටේදිත් කරේ කුඩු-ගංජා විකුණපු එකලු

දකුණේ ප්‍රබලතම පාතාල නායකයකු වන මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නමැත්තා ඩුබායි රටේ ගත කළ කාලයේ එරටේ ද හෙරොයින් මන්ද්‍රව්‍ය හා කේරළ ගංජා විකිණීමේ ජාවාරමක් කරගෙන ගොස් ඇතී බවට බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණයකර ගෙන ඇතැයි ජේ්‍යෂ් පොලිස් නීලධාරියෙක් ලංකාදීපයට ඊයේ (26) පැවසිය. ඉන්දියාවේ මුම්බායි නගරයට 2003 වසරේදී එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරය මෙහෙය වූ බවට
සැලකෙන ඊබ්‍රහිම් ඩාවුඩ් නමැත්තා

සමග එක්වී මාකඳුරේ මධුෂ් මෙම හෙරොයින් මත් ද්‍රව්‍ය හා කේරළ ගංජා ජාවාරම මහා පරිමාණයෙන් කරගෙන ගොස් තිබෙන බවට බුද්ධි අංශවලට දැන ගැනීමට ලැබී ඇත.
මෙම ප්‍රහාරයෙන් පසුව ඊබ්‍රාහිම් නමැත්තා ඩුබායි රටට පලා ගොස් තවමත් එරටේ රැඳී සිටින අතර මාකඳුරේ මධුෂ් එරටට පලායාමෙන් පසුව දෙදෙනාම එක් වී එරටේ සිටින පිරිසකගේද සහාය ඇතිව මන්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බවට බුද්ධි අංශ මගින් තවදුරටත් කරුණු අනාවරණය කර ගෙන ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
ඊබ්‍රාහිම් නමැත්තා ඩුබායි රටේ සැඟඳී සිටිමින් ඇෆ්ගනිස්ථානයේ සිට හෙරොයිත් මන්ද්‍රව්‍ය තොග වශයෙන් වෙනත් රටවලට බෙදා හැරිම කරගෙන යන ජාත්‍යන්තර මන්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු බවටද හඳුනාගෙන ඇති බව බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් දැනගැනීමට තිබේ. මාකඳුරේ මධුෂ් ඉතාලියට පලා යාමට කළින් ඩුබායි රටේ සිටියදී සිදුකළ මන්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එරටේ බලධාරින්ට තොරතුරු වාර්තාවක් සැපයීමට කටයුතු යොදමින් සිටින බව ඉහළ පෙලේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment