මෙසේ මියගොස් ඇත්තේ තල්පොත, බී.ඕ.පී.316, අංක 18 හි පදිංචිව සිටි ඩබ්.එම්. දයානන්ද (63) නම් කම්කරුවෙකි.
පොලිසිය පවසන අන්දමට පොලොන්නරුව නව නගරය රාජ්ය සේවක මහල් නිවාස සංකීර්ණයක පස්වන මහලේ ඉදිකිරීම් කටයුතු සඳහා අත් උදව් සපයමින් සිටි මෙම පුද්ගලයා ඉකුත් (30) දා දහවල් 11.45 ට පමණ පය ලිස්සා ඉන් පහලට ඇද වැටී ඇත. අඩි 40ක් පමණ ඉහළ සිට වැටුනු මෙම පුද්ගලයා කඩිනමින් පොලොන්නරුව මහරෝහලට ඇතුලත් කළ ද ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ගව පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මු.පො.ප.එම්.එස්.එම්.ජරූල් මහතාගේ ප්රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.
ප්රියන්ත බණ්ඩාර - පොලොන්නරුව
0 comments :
Post a Comment