උදයංග වීරතුංග ඩුබායි පොලිස් අත්අඩංගුවේ

උදයංග වීරතුංග ඩුබායි පොලිස් අත්අඩංගුවේ
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මීට පෙර ඔහු අත්අඩංගුවට ගත් අතර පසුව ඇපමත මුදා හැරිණි. කෙසේ වෙතත් ඇප කොන්දේසි කඩ කරමින් ඔහු සැඟවී සිටි අතර එසේ සැඟවී සිටියදී ඔහු නැවතත් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
 
උදයංග වීරතුංග ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඔහු මෙරටට ගෙන්වා ගැනීමට රජය උත්සාහ දැරූ අතර කෙසේ වෙතත් එම උත්සාහය ව්‍යවර්ථ විය. උදයංග වීරතුංග මෙරටට භාරදීම ඩුබායි බලධාරීන් ප්‍රතික්ෂේප කළ අතර ඔහුව ශ්‍රී ලංකාවට භාරදීමට යුක්රේන රජය ද විරෝධය පළ කළේය.
 
මේ අතර පොලිස්පතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ සාක්ෂාවක් සඳහා එක්ව ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග අප වෙත සැළකර සිටී. උදයංග වීරතුංග කෙසේ හෝ මෙවර ලංකාවට ගෙන ඒම සඳහා ඔවුන් උත්සාහ කරමින් සිටින අතර ඒ සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment