ස්මිත් - වෝනර් නායක, උප නායක ධූරවලින් ඉවත් කරයි

ස්මිත් - වෝනර් නායක, උප නායක ධූරවලින් ඉවත් කරයි
මෙම ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළදු කළ බවට චෝදනා එල්ල වූ අතර වීඩියෝ දර්ශනවලින් එය තහවුරු කර තිබේ.
 
මෙම චෝදනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හදිසියේ රැස් වූ අතර එහිදී ස්මිත්-වෝනර් දෙදෙනා කණ්ඩායමේ තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනය ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් දෙදෙනාට දැනුම් දී ඇති අතර ඔවුන් දෙදනා ඒ සඳහා එකඟ වූ බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ජේම්ස් සදර්ලන්ඩ් පවසන්නේ.
 
ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පළුදු කළ බවට හෙළිවීමත් සමගින් සමස්ත ඕස්ට්‍රේලියාවම කම්පාවට පත්ව සිටින අතර එරට අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සමස්ත රටම කම්පාවට පත්වන බවයි. එසේම එය ක්‍රියාව කිසිසේත්ම ක්‍රීඩාවට නොගැලෙපෙන්නක් බවත් එය සමස්ත රටවැසියාගේම බලාපොරොත්තු සුන්වීමක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ සම්බන්ධයෙන් ගන්නා ඕනෑම තීරණයකට එකඟ වන බවත් ඔහු පවසා තිබෙනවා.
 
camaron
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment