පල්ලකැලේ බඹරු ප්‍රේක්ෂකයන්ට අනතුරු හගවයි

පල්ලකැලේ බඹරු ප්‍රේක්ෂකයන්ට අනතුරු හගවයි

බඹර වද කිහිපයක් හේතුවෙන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තරමක අවදානම් තත්ත්වයක පවතින ප්‍රේක්ෂකයන් අනතුරු හගවති.

මෙම ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය ඇති ගොඩනැගිල්ලේ බඹර වද තුනක් ද ප්‍රෙක්ෂකාගාරයේ වද දෙකක් ද බැද ඇති බව ඔවුන් සඳහන් කරයි.

පාසල් අතර මහා ක්‍රිකට් තරගාවලි රැසක් මේ දිනවල මෙම ක්‍රීඩංගණයේ පැවැත්වෙන අතර ඇතැම් විට බඹරුන් ඉගිලයාම හේතුවෙන් තරග නතර කිරීමට සිදුවන අවස්ථා රැසක් වාර්තා වී තිබේ.
අධික සූර්ය රශ්මිය හා ප්‍රේක්ෂකයන්ගේ ඝෝෂාව හේතුවෙන් බඹරුන් ඇවිස්සීමේ වැඩි ඉඩක් පවතී. නමුත් වැඩි පිරිසක් මෙම ක්‍රීඩංගණයේ බඹර වද ඇති බව නොදන්නා බවත් ක්‍රීඩාකරන අවස්ථාවලදී බඹරුන් ඇවිස්සෙනවිට ක්‍රීඩකයන් ඇතුලුව තමන් පිටියේ දිගාවන බව එහි කාර්යය මණ්ඩලය සදහන් කරයි.

මේ දක්වා බඹර ප්‍රහාරයක් එල්ල වී නොමැති නමුත් මේ දිනවල පවතින අධික රශ්මිය හේතුවෙන් දිවා කාලයේදී ඔවුන් ඇවිස්සීමට හැකි බවද ඔවුන් කියති.

වර්ෂ 2009දී විවෘත කරන ලද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණය සඳහා ප්‍රේක්ෂකයන් 35 000ක පිරිසක් යොමු කළ හැකිය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ක්‍රිකට් තරගයක් ඉදිරියේදී මෙම ක්‍රීඩංගණයේදි පැවැත්වීමට නියමිතය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

pallekele ground2

pallekele ground3

pallekele ground4

pallekele ground5

pallekele ground6

pallekele ground7

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment