මීට සතියකට පෙර උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු නායක මුන් ජේ ඉන් සහ ඇමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසීම සඳහා ඉඩ කඩක් පැවති බව වාර්තා වුණි. නමුත් මේ වන විටඑම අනාවැකිය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරමින් කිම් ජෝන් උන් රහසේම චීන සංචාරයක නියැළෙන බවට ආරංචි පැමිණෙමින් තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයාද දන්වා සිටියේ තමන් උතුරු කොරියානු නායකයා හමු වීමට කැමැත්තෙන් සිටින බවයි.
කෙසේ වුව හේතුවක් පැහැදිලි නැතත් මේ වන විට චීනයේ අගනුවර වන බීජිං හී දැඩි ආරක්ෂාව යොදා ඇත. මෙම අනුමානය තවත් තහවුරු වන්නට එය හේතුවක් වී ඇත.
කිම් ජෝන් පවුලට අයත් අධි ආරක්ෂිත දුම්රියක් මඟින් උතුරු කොරියානු ජනාධිපතිවරයා චීනය වෙත ගමන් කරන්නට ඇතැයි යන අනුමානය ප්‍රථමයෙන්ම අනාවරණය කරන ලද්දේ ජපන් මාධ්‍ය සේවයක් මඟිනි.
මෙම දුම්රිය උතුරු කොරියාවට අයත් එකක් වන අතර කිම් ජෝන් උන්ගේ පියා වන හිටපු ජනපති කිම් ජෝන් ඉල් ගුවන් ගමන්වලට බිය වීම හේතුවෙන් මින් පෙර චීන සංචාරය 2011වසරේදි සඳහා මෙම දුම්රිය භාවිත කළ බවද නිපෝන් මාධ්‍ය ජාලය වාර්ථා කර ඇත. ඔහු චීන සංචාරයද ලෝකය වෙත අනාවරණය වූයේ ඔහු චීනය වෙත පැමිණීමෙන් පසුවයි.
ඔවුන් පවසන පරිදි 2011 වසරේ සිය ධූරය භාර ගැනීමෙන් අනතුරුව උතුරු කොරියානු ජනපතිවරයා ගේ ප්‍රථම විදෙස් සංචාරය මෙය වෙයි.
නමුත් සමහර කොරියානු මාධ්‍ය අනාවරණය කරන්නේ මෙම දුම්රියෙන් කොරියානු ජනපති නැගණිය වන නිම් යෝ ජොන් චීනය වෙත රාජතාන්ත්‍රික සංචාරයක නියැලෙන්නේදැයි සැකයක් පවතින බවයි.
කෙසේ වෙතත් මෙම චීන සහ උතුරු කොරියානු නායක හමුවක් සිදු වන්නේනම් එය දෙරටටම සාධනීය ප්‍රථිපල උදා කරනු ඇති බව පැහැදිලිය.
එමෙන්ම මෙම පුවත ඇමරිකානු ජනපතිවරයා තිගැස්සෙන පුවතක් වනු ඇති බවද නොඅනුමානය .
- හංසනී සම්පත් | outboundtoday.com
0 comments :
Post a Comment