උකුණන් වඳ කරන්නට දැමූ බෙහෙත් විස වී දැරියන් දෙදෙනා රෝහලේ


හිසේ බෝවී සිටින උකුණන් වඳ කිරිම සදහා අනෝදා ඇට තලා හිස ගැල්වීමෙන් පසුව රෝගී වූ එකම පවුලක
අක්කා නගෝ

දෙදෙනකු ඊයේ (26) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

 රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල පොල්ගහඅරාව ගම්මානයේ වයස අවුරුදු පහක හා හතහමාරක දැරියන් දෙදෙනෙකි. මෙම දැරියන් දෙදෙනාගේ හිසේ සිටින උකුණන් වඳ කිරීම සඳහා ඔවුන්ගේ මව විසින් අනෝදා ඇට තලා ගල්වා ඇති අතර ඉන් සුළු මොහොතකට පසුව දැරියන් දෙදෙනාගේ දෑස්වල අධික දැවිල්ලක් හා වේදනාවක් හටගෙන ඇත. රෝහලට පැමිණෙන විට දෑස් විවෘත කිරීමටද නොහැකි තත්වයට පත්ව තිබිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment