සීගිරියෙන් තවත් සිංහයෙක් මතුවෙයි

සීගිරියෙන් තවත් සිංහයෙක් මතුවෙයි
ඒ අතර පබළු, යකඩ, පුරාවස්තු, ටෙරාකොටා මැටි බඳුන් ඇතුළු පුරාවස්තූන් රැසක් ද වන බව පැවසේ. මේවා අතර උතුරු දිය අගලේ සිදු කරන ලද කැනීමක දී  ටෙරාකොටාවලින් සෑදූ සිංහ රූපයක් හමු වීම තුළින් සීගිරිය සම්බන්ධව ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකිවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
 
 සියවස් ගණනාවක් පුරා සීගිරියේ සිංහ රුව සම්බන්ධව විවිධ අනුමාන පැවතියත් උතුරු දිය අගලේ තිබී හමු වූ මෙම කුඩා  සිංහ රුපයත් සමඟ සිංහපාදයට ඉහළින් තිබූ සිංහ රූපයේ ස්වරූපය හා වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය ගැන ස්ථිර අදහසක් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂවරයා පවසයි. 
 
දැනට සීගිරියේ සිංහපාද කොටස පමණක් ඉතිරිව තිබුණ ද සීගිරියේ සිංහ රුව කිසියම් මැටි මිශ්‍රණයක් යොදා සකස් කර ඇති බවත් මෙලෙස හමු වූ ටෙරාකොටා වලින්  සකස් කර ඇති  කුඩා සිංහ රුව එහි අනුරුවක් වන්නට ඇතැයි අනුමාන කළ හැකි බවත්  මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. කැනීම්වලදී හමු වූ මෙම අනුරුව සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට සිහිවටනයක් ලෙස ලබා දෙන්නට ඇති බවට විශ්වාස කරන බවද ඒ පිලිබදව පරික්ෂණ කරණ කණ්ඩායම් විශ්වාස කරයි.
 
කැනීම තුළින් හමු වී ඇති මැටි බඳුන් විදේශීය සම්භවයක් සහිත බවද එබැවින් සීගිරි කාශ්‍යප රජ සමයේ දී  මෙරට පැවැත්වු  ජාත්‍යන්තර  සම්බන්ධතා පිළිබදව පර්යේෂණ සිදුකරන බවත්  එහිදි  විශේෂයෙන්  රෝමය හා මධ්‍යම ආසියාතික රටවල් සමඟ දියුණු වෙළඳ සබඳතාවක් පැවති බව මෙම පුරාවස්තු මගින් පැහැදිලි වන බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරංචි මාර්ග පවසයි.
 
මහින්ද උදයසිරි -  දඹුල්ල
 
sigiriya lion
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment