සාර්ථක සංචාරයකින් පසු සමුදුර සහ සුරනිමල යලි දිවයිනට

සාර්ථක සංචාරයකින් පසු සමුදුර සහ සුරනිමල යලි දිවයිනට
එහිදී නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගත් අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී ඔවුන් නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සමඟ සංචාරයේ ප්‍රගතිය, එහි ක්‍රියාකාරම් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක ද නිරත විය.
 
මෙම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සඳහා රටවල් 17 ක් නියෝජනය කරමින් නෞකා 19 ක් සහභාගී විය. එයට සමගාමීව සංවිධානය කරන ලද සංගීත කන්ඩායම් විවිධ ප්‍රසංග, අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ, සංගීතමය සන්ධ්‍යාවන්, සංස්කෘතික අංගයන්, ආහාර ප්‍රදර්ශණ, Table Top අභ්‍යාසයන්, වනගත චාරිකා, මිලාන් මංගල භෝජන සංග්‍රහය, අන්තර්ජාතික නාවික පාගමන සහ බහු කාර්යය නාවික අභ්‍යාසයන් සඳහා ද නෞකාවන්ගේ කාර්යය මණ්ඩලයන් සහභාගී විය. එහිදී, ‘සාගරික මිත්‍රත්වය තේමා කර ගනිමින් අන්තර් ක්‍රියාකාරිත්වයන්, සමුද්‍රීය යහපැවැත්ම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම මෙන්ම නීතිවිරෝධී මුහුදු ක්‍රියාකාරකම් වලට එරෙහි කටයුතු කිරීම සම්බන්ධ අභ්‍යාසයන් සිදු කෙරිණි. 
 
සේයා රූ - ධනන්ජය සෙනෙවිරත්න
 
navy 9
navy 10
navy 11
navy 12
navy 13
navy 14
navy 15
navy 16
navy 17
navy 18
navy 19
navy 20
navy 21
navy 22
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment