'මනුස්සකමට අාවේ, තර්ජනය කරනවා නම් එන්නෙම නෑ' මරාදැමූ ගෘහසේවිකාවගේ ඥාතින්ට හරින් කියයි.


සෞදි අරාබියේ ගෘහ සේවයේ නියැලී සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගිය වඳුරඹ තිදරු මවගේ දේහය ඉක්මනින් ගෙන්වා ෙදන ලෙසත් ඒසේ නොකළහොත් උද්ෙඝා්ෂනයක යෙදෙන බවට මියගිය කාන්තාවගේ ඥාතින් විදේශ රැකියා අැමති හරින් ප්‍රනාන්දුට දන්වා අැත.

ඝාතනයට ලක් වූ ප්‍රියන්තා ජයසේකරගේ නිවසට ඊයේ (17) දින පැමිණි විදේශ රැකියා හා විදුලි සංදේශ හා ජිඩිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර වෙත පැමිණි තම ඥාති සොයුරියගේ ඝාතනය ගැන කලකිරි සිටි කිහිප දෙනෙක් සතියක් තුළ අැයගේ මළසිරුර ගෙන්වා දෙන ලෙස බලකළහ.

අවශ්‍ය සියලුම පියවර ගෙන ඉක්මනින් දේහය ගෙන්වා දීමටත් කළහැකි උපරිමයෙන් එම පවුලේ දියුණුව හා දරුවන්ගේ අනාගතයට අවශ්‍ය රැකවරණය දෙන්නටත් විදේශ රැකියා අැමතිවරයා ඒහිදී පොරොන්දු විය. 

මෙම අවස්ථාවේදී එම ඥාතීන් කිහිපදෙනක් අමාත්‍යවරුන් අමතමින් සතියක් ඇතුලත මෘත දේහය ගෙනවිත් නොදුන්නොත් ගම්වාසින් සමග එක්ව වඳුරඹදී උද්ත්ඝෝෂණයක නිරතවන බව කියා සිටියහ. 

ඒවිට හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ තමන් මනුස්සකමට දරුවන්ගේ සුවදුක් බලන්නට අා බවත් තර්ජනය කරනවා නම් නැවත මෙවැනි තැනකට එන්නේ නැති බවත් ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment