කෙසෙල්වත්තෙන් හමු වු මිනිස් හිසෙහි කද ගෝඨාභයගමේ සඟවලා.

කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පසුගියදා සොයාගත් පුද්ගල හිසෙහි ශරීරය සඟවා ඇතැයි සැකකරන ස්ථානයක පරික්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරින් විසින් අද (18) ආරම්භ කර තිබේ.

පසුගිය හත්වැනිදා කොළඹ 12, කෙසෙල්වත්ත ප්‍රදේශයේ තිබීයදී මෙම හිස කොටස සොයාගත් අතර ඒ ඒ සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරින් අත්අඩංගුවට ගෙන තිබූ අතර තවත් සැකකරුවන් කිහිපදෙනෙක් කඹුරුපිටිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අගුණුකොළපැලැස්ස මුරවැසිහේන ගෝඨාභයගම ප්‍රදේශයේ කෙසෙල්වගා කර තිබූ භූමියක පුද්ගල ශරීරය වළලා ඇති බවට කර තිබූ ප්‍රකාශ අනුව මෙම ස්ථානයේ පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment