සුජීවගේ පෞද්ගලික ලේකම්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්.


අතුරුගිරිය ජෝතිපාල මාවතේ පිහිටි නිවසකට අද (26) අලුයම 3ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස වෙඩි ප්‍රහාර එල්ල වී ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකුගේ නිවසකට බව පොලිසි පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදු නොවි ඇති අතර ඔහුගේ නිවසට හානි සිදු වී තිබේ.

වෙඩි තැබීම සඳහා ටී-56 ගිනි අවියක් භාවිතා කර ඇති බවත් පොලීසිය පවසයි. අතුරුගිරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment