ලුණුගම්වෙහෙර ආරාමයක සිටි සිල් මාතාවක් ඝාතනය කරලා


ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩ සිටි සිල් මාතාවක් පසුගියදා (23දා) ඝාතනය කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි. එහි වැඩ සිටි සුභද්‍රා (32) නමැති සිල් මාතාව මෙසේ ඝාතනයට ලක්ව ඇත.

 ලැබුණු

තොරතුරකට අනුව පෙරේදා (24)දා පෙරවරුවේදී අදාළ ආරාමයට ගොස් එය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ එහි තිබු සිල් මාතාවගේ සිරුර හමු වූ බව පොලීසිය පවසයි. ඉන් අනතුරුව අදාළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලට රැගෙන ඒමෙන් අනතුරුව එහිදී සිදු කරන ලද පරීක්ෂණවලින් ඝාතනයක් බවට හෙළිවූ බව පොලීසිය පවසයි.

 ඝාතනයට ලක් වූ සිල් මාතාව හුදෙකලාව මෙම ආරාමයේ වැඩ සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි. සිද්ධියට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
ලුණුගම්වෙහර පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment