විශ්වාසභංගය : චීනයට ගිය එජාප මැතිඇමැතිවරු යළි කැඳවති.



චීනයේ අධ්‍යන චාරිකාවක නිරතව සිටින එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් හය දෙනා අප්‍රේල් 01 දින යළි මෙරටට කැඳවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දුන්නේ අප්‍රේල් මස 04 දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාස භංග විවාදයට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් කල් ඇතිව සුදානම් කිරීමේ පියවරක් ලෙසයි.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් හය දෙනා ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,ද්‍රවිඩ ජාතික සංධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනෙක් මේවන විට චීනයේ අධ්‍යන චාරිකාවක නිරතව සිටිති.

චීන සංචාරය නිමවා මෙම මන්ත්‍රී කණ්ඩායම නැවත දිවයිනට පැමිණීමට නියමිතව තිබුනේ අප්‍රේල් 03 වනදා පස්වරුවේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment