අද උදෑසන11.30ට පමණ මෙම ගල් ප්‍රහාරය සිදු වී ඇති අතර ඒ හේතුවෙන් නිවසේ වීදුරු ජනෙල්වලට හානි සිදු වී ඇත. ගල් ප්‍රහාරය සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ පිළිබඳව කරන ලද විමසීමකදී ආචාර්ය රිෂි සෙන්දිල් මහතා පවසා සිටියේ ඊයේ (25) රාත්‍රියේ සහ අද උදෑසනද මෙවැනි ගල් පහරවල් එල්ල වූ බවයි. මෙය යම්කිසි දේශපාල පක්ෂයක් විසින් මෙහෙයවන්නට ඇති බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔහුගේ බිරිඳ වන සෙන්දිල්රාජ් සිවදර්ශණි මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පෙනී සිටි අතර ඇය ඉන් පරාජයට පත් වුවද අතිරේක ලැයිස්තුවෙන් හැටන් දික්ඔය නගර සභාවට පත් කර ඇත. ඒ අනුව අද සවස හැටන් දික්ඔය නගර සභාවේ සභාපති තනතුර තේරීමට නියමිතව ඇත.
එම්.සී.ඩී. මනුර - දික්ඔය
0 comments :
Post a Comment