විශ්වාසභංගය : දෙමළ සන්ධානයේ සහාය අගමැතිට.


විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ද්‍රවිඩ ජාතික සංධානය තීරණය කර තිබේ. 

ද්‍රවිඩ සන්ධානය ගත් මෙම තීරණය ඊයේ (25) රාත්‍රී අගමැතිට සහ ජනපතිට නිල වශයෙන් දැනුම් දී ඇත. 

ද්‍රවිඩ සංධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී  කණ්ඩායම 16 දෙනෙකි

JHU සහාය නොදක්වයි


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජාතික හෙළ උරුමය සහාය නොදැක්වීමට තීරණය කර ඇත. 

බත්තරමුල්ලේදී අද (26දා) පැවැති මාධ්‍ය හමුවකදී එම  පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment