රෝසි කොළඹ පුරපතිනිය වෙයි.


පළාත්පාලන ආයතන 15 ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු මැතිවරණ කොමිසම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස නම් කර ඇත්තේ රෝසි සේනානායක මහත්මියවය.

ඒ අනුව රෝසි සේනානායක මහත්මිය කොළඹ නගර සභාවේ නගරාධිපති තනතුරට පත් පළමු කාන්තාව වනු ඇත.

නියෝජ්‍ය නගරාධිපති ලෙස මොහොමඩ් තුල්බා මොහොමඩ් ඉක්බාල් පත් කර තිබේ.

ඊට අමතරව නුවරඑළිය, අක්කරෙයිපත්තුව සහ බණ්ඩාරවෙල මහ නගර සභා සඳහාද ප්‍රධානීන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම කොළොන්නාව, මහරගම, වත්තල - මාබෝල, පානදුර, බේරුවල සහ කුලියාපිටිය නගර සභා සඳහා සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් පත් කර ඇති බව මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනයේ දැක්වේ.

ඊට අමතරව නෝවුඩ්, කයිට්ස්, පූනාකරි, පුදිකුඩිඉරිප්පු සහ වෙරුගල් යන ප්‍රාදේශීය සභා සඳහාද ප්‍රධානීන් පත්කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment