පසුගිය සිකුරාදා වැලිසර නාවික හමුදා කඳවුරේ කුමන්ත්‍රණ සාදයක්

පසුගිය සිකුරාදා වැලිසර නාවික හමුදා කඳවුරේ කුමන්ත්‍රණ සාදයක්

 

මෙම නඩුවේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙස විත්තිය අධිකරණයෙන් ඉල්ලා සිටියද අධිකරණය එය පිළිගත්තේ නැත. එහෙයින් මෙම සාදයේදී ඉහත කී පිරිස කතා වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු නවත්වන්නේ කෙසේද කියා ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීන් මාරු කරවන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

මෙහිදී එක් අයකු පවසා තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශප්‍රේමී ගුණ්ඩු වලට හසු නොවන්නෙකු බැවින් ඔහු හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීමට නොහැකි බවත්, මීට සුදුසු එකම පුද්ගලයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත්ය. නමුදු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සෘජුව පොලිස් වැඩවලට මැදිහත් නොවන බැවින් ඔහුට හිත්වත් පුද්ගලයින් හරහා ඔහු වෙත ළඟා විය යුතු බවයි. ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් තමන්ට එරෙහිව සාක්ෂි සොයාගෙන ඇති බැවින් මෙය 'ලෝක ලෙඩක්' බවත් ය.

මෙහිදී බහුතරයකගේ අදහස වී ඇත්තේ මෙම කාර්යය සඳහා හොඳම පුද්ගලයා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බවයි. කරන්නාගොඩ යනු ජනාධිපතිවරයාගේ ළඟ මිතුරෙකු බැවින් ඔහු ලබා ජනාධිපතිවරයාට බලපෑම් කරවීම සුදුසු බව බහුතරයකගේ වී ඇත. ඒ අනුව මෙම නඩුව නිසි ආකාරයෙන් විභාග වුවහොත් කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාද වගකීමකට යටත්වන බවට ඔහු වෙත පැහැදිලි කර බියට පත් කිරීම තුළින් ඔහුව මෙම කාර්යය සඳහා නම්මා ගැනීමට සියළු දෙනා එකඟ වී ඇත. ඊට අදාල පසුබිම තමන් සේවය කරන පුවත්පත් හරහා සැකසීමට සමන් ගමගේ භාරගෙන ඇත.

සමන් ගමගේට එරෙහිව CIDයෙන් පැමිණිලි

සමන් ගමගේ විසින් ඔහුගේ මාධ්‍යය යොදාගෙන සාක්ෂිකරුවන්ට සහ වින්දිතයින්ට දිගින් දිගට ම පහරදෙන බවට 2015 සිට පොලිස් මූලස්ථානයේ පවත්වාගෙන යන වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉහළ නිලධාරීන් විසින් දැනටමත් පැමිණිලි කර තිබේ. සමන් ගමගේගේ න්‍යායට අනුව දේශප්‍රේමීන්ට මිනීමැරීමට හා මංකොල්ලකෑමට හැකියාව තිබේ. ඒවා රට වෙනුවෙන් කරන දේවල් ලෙස සලකා නිහඬව සිටිය යුතුය.

පුවත්පත් කලාවේ අයනු ආයනු නොදැන පුද්ගලයින් පෑන අතටගත් විට සිදුවන්නේ මෙවැනි අකරතැබ්බයන් ය. දිවයින පුවත්පතේ ම සිටින සැබෑ මාධ්‍යවේදීන්ටත් සමන් ගමගේගේ ක්‍රියාකලාපය හිරිහැරයක් වී ඇත.

කෙසේවෙතත් සාදය අවසානයේ ඩී.කේ.පී. දසනායක ප්‍රකාශ කර ඇත්තේ තම නඩුවේ සියළු දෙනාට ඉවසීමට ඇත්තේ තව මාස කිහිපයක් පමණක් බවයි. මහින්ද රාජපක්ෂ සහ ගෝටාබය රාජපක්ෂ යළි බලයට පැමිණි වහාම "පැය 24න් මේ නඩු විසි කරන හැටි පෙන්වන්නම්" යැයි සාදය අවසානයේ ඔහු පවසා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment