මර්වින් මහින්ද අමතක කර පුතාගේ මංගල්ලෙට එජාප යාළුවෝ එක්ක

ඉරාන ජාතික උර්ෆා ඇන්ඩිසන් සමග හිටපු ඇමති මර්වින් පුත් මාලක සිල්වාගේ විවාහය පසුගියදා ගල්කිස්ස හෝටලයේදී පැවැත්විණි.

එහිදී මර්වින් සිල්වාට දිගු කලක් සමීපව

සිටි මහින්ද රාජපක්ෂ හෝ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ කිසිවෙකුට ආරාධනා ලැබී තිබුනේ නැති අතර එජාපය නියෝජනය කරන මැතිඇමතිවරුන් කිහිපදෙනෙකු පමණක් ආරාධනා අනුව පැමිණ තිබුණි.
ඒ අය අතර අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමති රාජිත සේනාරත්න, ඇමති සුජීව සේනසිංහ, හිටපු ඇමති රවි කරුණානායක ආදීන් ඡායාරූප වලට නැගී තිබේ.
මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු මර්වින් සිල්වා වත්මන් රජයට සහය පළ කළ අතර රාජපක්ෂ සහෝදරයින් පතුරු ගසමින් කථා පැවැත්වීමටත් සුදුවෑන් උවදුර සම්බන්ධ පැමිණිල්ලක් රහස් පොලිසියට ලබාදීමටත් කටයුතු කළේය.

මාලක සිල්වාගේ විවාහය සියලු ඡායාරූප පහතින්
http://www.gallery.gossiplankanews.com/wedding/malaka-silva-wedding.html
Pix By -Studio 3000DF
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment