ප්‍රේමදාස පිටියේ දොර කුඩු කළේ නායක ෂකීබ් බව හෙළිවේ


පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් බංගලිදේශය හා ශ්‍රී ලංකාව අතර නිදහස් කුසලාන තරගය අවසානය කිට්ටුව කලබලකාරී තත්වයක් ඇති කරන ලද සිදුවීමෙන් පසු ප්‍රේමදාස පිටියේ බංගලිදේශ කණ්ඩායම ලැගුම් ගෙන සිටි විවේකාගාරයේ වීදුරු දොර තරගය අවසානයෙන් පසු කුඩුකර විනාශ කර තිබුණි.

මෙය සිදු කළේ බංගලිදේශයේ ක්‍රීඩකයින් බව

තහවුරුවූ නමුත් කවුරුන් කළේද යන්න ඒ දිනයේ හෙළිව තිබුනේ නැත.
සිද්ධිය ගැන තරග තීරක පරීක්ෂණයක් ඇරඹූ අතර ආසන්නයේ සිටි ආපන ශාලා සේවකයෙකු සාක්ෂි දෙමින් කියා තිබුනේ විදුරුව කුඩු කළ අය බංගලිදේශ කන්ඩායමට අයත් බව හදුනාගත හැකිවුවද කවුරුන්ද යන්න තමන්ට හරිහැටි නිශ්තය කරගන්නට බැරි බවයි. පසුව මේ සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරමින් අලාබය ගෙවන්නට බංගලිදේශ ක්‍රිකට් ආයතනය කල් ඇතිවම දැනුම්දුන් නමුත් විනය විරෝධී කටයුත්තට දායකවූයේ කවුදැයි ඔවුන්ද නම් කර තිබුනේ නැත.
කෙසේ වෙතත් සීසීටීවී විමර්ශනයෙන් පසු මේ සම්බන්ධව දැන් කරුණු හෙළිව තිබේ.
ඒ අනුව බංගලිදේශ නායකයා හැටියට එදින කටයුතු කළ ෂකීබ් අල් හසන් එය සිදු කර ඇති බව වීඩියේ දර්ශන වලින් තහවුරුවී තිබේ.
එදින අවසන් ඕවරයේ කලබල කරමින් විනිසුරුවන්ට අභියෝග කිරීම හා කණ්ඩායමේ පිතිකරුවන්ට උද්ඝෝෂණයකට බලකරමින් පිටියෙන් පිටතට එන්නැයි සංඥා කරමින් නීතිරීති වලට පටහැණීව හැසිරීම නිසා ෂකීබ් සහ නුරුල් යන ක්‍රීඩකයින් දෙපළට සියයට 25 ක තරග මුදල් දඩයක්ද මෙහිදී පනවා තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment