ජාතිවාදයට රුකුල් දෙන කොටස් ආණ්ඩු ඇතුළෙත් ඉන්නවා - බාහු (වීඩියෝ)

ජාතිවාදයට රුකුල් දෙන කොටස් ආණ්ඩු ඇතුළෙත් ඉන්නවා - බාහු (වීඩියෝ)
වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස උක්ත ප්‍රස්තුතය සම්බන්ධයෙන් අප මත පැවරී ඇති මාධ්‍ය කාර්යභාර්ය ඉටු කිරීමට අපි ආරම්භයේ පටන් ක්‍රියා කළෙමු. වෙහෙසුනෙමු. එය අදත් හෙටත් නොනැසී පවතිනු ඇත. 
 
සංහිඳියාව පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමුව ඇති මේ  මොහොතේ ඒ පිළිබඳව කතා කිරීමට මෙවර අපි සම්මුඛ වූයේ නව සම සමාජ පක්ෂයේ  නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සමඟය. 
 
වෛරය වැපිරීම සැලසුම්සහගත දෙයක් 
 
සංහිඳියාවට, ජාතික සමඟියට බාධාවන  අන්දමේ ක්‍රියාවන් කිසිලෙසකින්වත් නිසඟයෙන් සිදු නොවේ. පැහැදිලිවම එය සැලසුම්සහගත ක්‍රියාවක ප්‍රතිපලයකි. ප්‍රධාන කොටම අපි තේරුම් ගත යුත්තේ මේ සැඟවුණ  සැබෑ වුවමනාවන්ය.

 
ජාතිවාදය,ආගම්වාදය සම්පුර්ණයෙන් මර්ධනය කිරීමට රජයට හැකිවිය යුතුයි 
 
සැබෑ ලෙසම සංහිඳියාව ඇති කිරීමේ අරමුණක් රජයකට ඇත්නම් ජාතිවාදී,ආගම්වාදී සංවිධාන හෝ පුද්ගල කණ්ඩායම් සම්පුර්ණයෙන්ම භූමියෙන් ඉවත් කිරීමට ඔවුන් සමත් විය යුතුය. එය පරාජය කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුය. දේශපාලන බලය ලබා ගැනීමට ප්‍රතිවාදී දේශපාලන මතවාදයන් යටපත් කිරීමේ හැකියාවක් මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වලට  ඇත්නම් ජතිවාදී, ආගම්වාදී මතවාදයන් පරාජය කිරීමේ නොහැකියාවක් තිබිය නොහැකිය. 

 
වැදගත් වන්නේ දේශපාලන වෙස් මුහුණු ගලවා දැමීම 
 
සෑම ජාතිවාදයක්, ආගම්වාදයක් පසුපස දේශපාලන න්‍යාය පත්‍රයක් වෙයි. මතුපිටට එවන්නක්නොපෙනුනත් යටිතලයේ එහි දේශපාලන වෙස් මුහුණ සඟවා තිබේ. ජාතික ප්‍රශ්නය පිළිබඳ ප්‍රගතිශීලිව බැලූ වත්මන් ආණ්ඩුව තුළද ජාතිවාදයට රුකුල් දෙන්නන් වෙයි. අප එය වැටහ ගත යුතුය. 

 
ධනේශ්වර දේශපාලනයට සිය ව්‍යාපාරික සම්බන්ධකම් අත්හරින්න බැහැ 
 
ලිබරල් ධනේශ්වර නායකත්වයක් ලෙස බලයට පත් වූ මෙම ආණ්ඩුවත් අද පොරොන්දු ඉටුකරීමට අපොහොසත්ව හිඳියි. කළ යුතු බොහෝ වෙනස්කම් හමුවේ ආණ්ඩුව අනුගමනය කළේද නිද්‍රශීලි පිළිවෙතකි. ප්‍රශ්නය වන්නේ  ධනේශ්වර දේශපාලනයට සිය ව්‍යාපාරික සම්බන්ධකම් අතහැර දැමීමේ නොහැකියාවයි. 

 
බහුතරවාදීන්ට අවශ්‍ය සෙස්සන් සිය යටත් වැසියන් කර ගැනීම 
 
බහුතරවාදීන් සිතා සිටින පරිදි දෙමළ මිනිසා යටත් වැසියෙක් කරගත් පරිදි මුසල්මානුවා ද එම තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාවක් පවත්නා ජාතිවාදී,ආගම්වාදී හැසිරීම් තුළ පෙනෙන්නට තිබේ.  දෙමළ මිනිසාගේ ශිෂ්ටාචාරය විනාශ කළ පරිද්දෙන් මුස්ලිම් මිනිසාගේද ශිෂ්ටාචාරය විනාශ කර දැමීම සංහිඳියාවට අකුල් හෙලන්නන්ගේ උත්සාහයයි. සංහිඳියාව ගැන කතා කිරීමට පෙර මෙම දේශපාලන කඩතුරාවන් විවෘත කළ යුතුය.

 
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment