රිදීමාලියද්ද නාගදීප වැව ගිලගන්නා පාසි ආක්‍රමණිකයා

රිදීමාලියද්ද නාගදීප වැව ගිලගන්නා පාසි ආක්‍රමණිකයා

දැනට දින කිහිපයකට ඉහතදී මෙම පාසි විශේෂය ජලාශයේ එක් අන්තයකින් ව්‍යාප්තිය සිදුව ඇති බවත් එය සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ජනතාව පෙන්වා දෙති.

මේ පිළිබඳව අදහස් දැක්වූ ප‍්‍රදීප් නුවන් කුමාර මහතා,

“මෙම වැවෙන් පවුල් 2000කට ආසන්න පිරිසක් අක්කර 4000ක ප‍්‍රමාණයක වී ගොවිතැන සඳහා ජලය සපයා ගන්නවා. ඒත් එක්කම තවත් මිරිදිය ධීවරයන් 75ක් පමණ මෙම වැවේ මාළුන් විකුණලා තම ජීවිතය ගැට ගසා ගන්නවා. මෙම වැව ඉතිහාසගත තැනක්. කවදාවත් සිදු නොවිච්ච දෙයක් අද මේ වැවට සිදුවෙලා. ආක‍්‍රමණික පාසි විශේෂයක් වැවේ සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. දැනට දින කිහිපයකට කලින් ඉතා කුඩාවට පැතිරෙමින් තිබූ මෙම පාසි විශේෂය අද වන විට වැවේ එක් අන්තයක සිට ඉදිරියට අඩි 50ක් පමණ සම්පූර්ණයෙන්ම ගිලගෙන තියෙනවා. බලධාරීන් මේ පිළිබඳව සොයා නොබැලුවොත් මුළු වැවම මෙම පාසිවලින් වැසී යාවි. එහෙම වුණොත් මේ වැවෙන් ජීවිතය ගැටගසාගන්න බොහෝ පිරිසක් අසරණ වෙනවා. ඊට කලින් මෙම ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා."

ඩී. එම්. සුනිල් ශාන්ත මහතා අදහස් දක්වමින්,

"මෙය කාගේ හෝ නොසන්ඩාල වැඩක් වෙන්න ඇති. මේව කොහින් මෙතනට ආවාද කියලා අපි දන්නේ නැහැ. දවසක් ගෙවිලා ඊළඟ දවස උදාවෙනකොට මෙය වැවේ ඉක්මනින් පැතිරෙනවා. කිසිදු බලධාරියෙක් තවමත් මේ ගැන දන්නේ නැතුව ඇති. වැවත් ගොවි ජනතාවත් හුදකලා වෙලා. වතුර ටික ඇලක් දිගේ කුඹුරුවලට යැව්වම හිතන්නේ හැම දෙයක්ම හරි කියලා. මේ අපේ රටේ සම්පත්. මේවා රැකගන්න ආයතන ගොඩාක් තියෙනවා. ජනතාවගේ මුදලින් තමයි ඒ නිලධාරීන්ට පඩි ගෙවන්නේ. ඒ නිසා අපි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව කඩිනමින් හොයලා තවත් මෙම පාසි ව්‍යාප්ත වෙන්න කලින් ස්ථිර විසඳුමක් දෙන්න කියලයි."

nagadeepa wawa 1

nagadeepa wawa 2

nagadeepa wawa 3

ජයලත් දිසානායක - බදුල්ල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment