මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගෝඨා - ඉන්දීය මාධ්‍ය කියයි.


මීළඟ ජනපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝදි ආණ්‌ඩුව ලංකාව දෙස වපරැසින් බැලූ බවයි. 

කෙසේ නමුත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව ලංකාව සමඟ හොඳ සබඳතාවයක්‌ තිබූ බව රාජපක්‍ෂ මහතා ඉන්දීය මාධ්‍යවේදී අරුන් ජනවර්ධන් සමඟ ප්‍රකාශ කර තිබේ.

(දිවයින)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment