මෙම සිදුවීම් පිටුපස සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඔහුගේ ලේකම්වරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරන බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මහනුවර සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම පුද්ගලයන් හෙළිදරව් වී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඉදිරියේදී තවත් තොරතුරු හෙළිවනු ඇති බවත් ඒ අනුව ජාතිවාදී ගැටුම් අවුළුවන පුද්ගලයන්ට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
0 comments :
Post a Comment