පෙට්ට්‍රල් බෝම්බයකින් අඹතැන්නේ තරුණයින් දෙදෙනෙකු මරුට.
මහනුවර ප්‍රදේශයට බලපා අැති හදිසි තත්ත්වය හමුවේ, අඹතැන්නේ, මුල්ලේගම තරුණයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.
ප්‍රදේශෙය් අප වාර්තාකරු පැවසුවේ, ප්‍රථමයෙන්ම මුල්ලේගම විහාරස්ථානයට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර අැති බවයි.
අනතුරුව කුපිත වූ පිරිස ප්‍රහාරකයන් හඹාගිය අවස්ථාවේ, ප්‍රහාරකයින් එල්ල කල පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් පසුව අදාළ තරුණයින් දෙදෙනා මිය ගොස් අැති බවයි.
කෙසේ වෙතත්, මල්ලේගම විහාරස්ථානය, කළුවාන රජමහ විහාරස්ථානය අනියුක්ත විහාරස්ථායක් වන අතර එම ඉඩම කලක් පිරිසකට ලී මෝලක් කරගෙන යෑම සදහා විහාරාධිපති හිමියන් විසින් ලබා දී තිබුණි.
කෙසේ වෙතත්, අාදල පිරිස එය බලහත්කාරයෙන් පවරා ගැනීමට ගිය හෙයින් විහාරාධිපති හිමියන් විසින් නඩු කිමෙන් පසුව යලි එම ඉඩම ලබාගෙන විහාරස්ථාය පිහිටු විය.
මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එමෙන්ම, මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
(Lanka DNA)
0 comments :
Post a Comment