CIFL තැන්පත්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට මහ බැංකුවෙන් නිවේදන දෙකක්.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී (CIFL) ආයතනයේ සියලුම ගනුදෙනුකරුවන් සිය ගිවිසුම් ප්‍රකාරව ආයතනයට ගෙවිය යුතු සියලුම ගෙවීම් එකඟ වී ඇති ආකාරයට මහජන බැංකුවේ කොළඹ නගරශාලා ශාඛාවේ අංක 167-1-001-0-3398707 දරන ගිණුමේ තැන්පත් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා කියා සිටින්නේ, එළඹගත් ගිවිසුම්වලට අනුකූල ගෙවීම් කටයුතු සිදුනොකරනු ලබන සියලුම ගනුදෙනුකරුවන්ට එරෙහිව එකී ගිවිසුම් ප්‍රකාරව නීතිමය පියවර ගනු ලබන බවයි.



CIFL තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් යෝජනා ක්‍රමයේ විධිවිධානයන්ට යටත්ව තැන්පතු රක්ෂණයක් සහිත තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සලකා බැලීම පිණිස සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී ආයතනයේ මුදල් තැන්පත් කරන ලද පුද්ගලයන් හෝ ආයතන සහ එම ආයතනයෙන් ණය ලබාගත් පුද්ගලයන් හෝ ආයතනවල තොරතුරු රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.


පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment