රවී මහ බැංකු නිලධාරීන්ගේ රෙදි ගලවයි.


රුපියල පාවීමට ඉඩ හැරීමේ ප්‍රතිඵලයක් ලෙස, තෙල් මිල වැඩිකිරීම ට සිදුවී ඇති බවත්, මෙම තත්ත්වයට මහ බැංකුවේ ඉහළ නිලධාරීන් වගකිව යුතු බවත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (25) මට්ටක්කුලිය, කදිරානවත්ත එකමුතු පුර නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්ය.

මහ බංකුවේ නිලධාරීන් ගේ දුර්වලතා නිසා ආර්ථික යේ ඇතිවී තිබෙන කඩා වැටීම හමුවේ ඊට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත් මූල්‍ය විනය සම්බන්ධයෙන් එල්ල වී ඇති මෙම අයහපත් තත්ත්වයට එකම විසඳුම, විදේශයන්ට අවශ්‍ය ලෙස තීරණ ගන්නා මහ බංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් නිසි තීන්දුවක් ගැනීම බවත් මන්ත්‍රීවරයා පැවසීය.

සියළු ආනයන භාණ්ඩ මිල ඉහළයාමේ අවධානමක් !

එසේම රුපියල බාල්දු වී මේ ප්‍රතිඵලයක් ලෙස තෙල්මිල පමණක් නොව සියළු ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යාමේ අවධානමක් පවතින බව අවධාරණය කල රවී කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

නිලධාරීන් හිතන්නේ ඔවුන් ගැන විතරයි !

"මහ බංකුවේ ඇතැම් නිලධාරින් තීරණ ගන්නෙ ඒ අයගෙ පෞද්ගලික සුඛවිහරනය වෙනුවෙන් හිතල. විශ්‍රාමගත්තට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තනතුරු බලාපොරොත්තුවෙන් ඔවුන් ගන්නා තීන්දු නිසා රටත් ,රටේ ආර්ථිකයත්, භයානක ඉරණමකට මුහුණ දී තිබෙනවා. රට කවුරු පාලනය කළත් මේ නිලධාරීන් වෙනස් වෙන්නෙ නැහැ. එදා මම මුදල් ඇමැතිව සිටින කාලය තුළ මේ ක්‍රමය වෙනස් කරන්න පියවර ගත්ත. දැන් මහ බැංකු නිලධාරීන් ට අවශ්‍ය විදිහට රටේ ආර්ථිකය පාලනය වෙනවා නම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැනෙ.

පුළුවන් නම් රුපියල ශක්තිමත් කරන හැටි කියන්න

"රටට නව රැකියා උත්පාදනය සඳහා මහ බැංකුවට වැඩපිළිවෙළක් තියෙනවා ද?. නව ආයෝජන රටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් තියෙනවා ද? ඔවුන් තීරණ ගන්නෙ මහ පොළවේ පය ගහල නෙමේ . මම මහ බැංකුවට අභියෝග කරනව රුපියල බාල්දු නොකර, රුපියලේ අගය ශක්තිමත් කරන වැඩ පිළිවෙළක් සකස් කරල රටට පෙන්නන්න කියලා.

දැන් ලංකාවට විදේශීය නීතිඥවරුනම්ගේ සේවය ලබාගැනීමේ සූදානමක් තියෙනවා, ඒකට මම කිසිසේත් එකඟ නැහැ. අපේ නීති ක්ෂේත්‍රය නවීකරණයට ලක්විය යුතුයි. නමුත් විදේශීය නීතිඥයන් ලංකාවට ගේන්න අවශ්‍ය නැහැ . නීති ක්ෂේත්‍රයේ අඩුපාඩු තියෙනවා නම්, ඒවා රට තුල නිවරදි කර ගත යුතුයි. "

රවී කරුණානායක මන්ත්‍රීවරයා කදිරානවත්ත ප්‍රදේශයේ නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙම සංචරයේදී ජනතාව සමඟ කතාබහ කල බවද වාර්තා වෙයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment