වැරදිකරුවන්ට දඬුවම් නොදේ නම් තීරණයක් ගන්නවා - ෆොන්සේකා

වැරදිකරුවන්ට දඬුවම් නොදේ නම් තීරණයක් ගන්නවා - ෆොන්සේකා
පැවති පාලනය තුළ විවිධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් රජය මේ වනවිටත් අසාර්ථක වී ඇති අතර මේ වනවිට ජනතාව අතර ආණ්ඩුව පිළිබඳ අප්‍රසාදය දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙන බව ද ඇමතිවරයා පවසයි. කෙසේ වෙතත් යළි මහින්ද රාජපක්ෂ පාලනයක් කරා රට ගෙනයාමට එරෙහිව තනිව හෝ නැගී සිටින බව ද ෆොන්සේකා මහතා පවසයි.
 
මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන් ද ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන බවට ඉඟි පළකර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ජාතික සම්පත් නොවිකුණන බවටත් රණවිරුවන් හිරේ නොදමන බවටත් සහ ග්ලයිපොසේට් තහනම ඉදිරියටත් ක්‍රියාත්මක වන බවටත් අගමැතිවරයා පොරොන්දු වන්නේ නම් අගමැතිවරයාට සහාය දැක්වීමට කටයුතු කරන බව රතන හිමි පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment