2018 වර්ෂයේ ගත වූ මාස තුනකට ආසන්න කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 13,000 ක් පමණ වාර්තා වී තිබෙන බවත් එය 2017 වර්ෂයේ එම කාල සීමාව හා සැසදීමේදී, 50% ක පමණ අඩුවීමක් බවමත් ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය තවදුරටත් අවම කරගැනීම සදහා බස්නාහිර පළාත තුළ හා මඩකලපුව දිස්ත්‍රික්කය තුල හඳුනා ගත් වැඩි අවදානම් ප්‍රදේශ වල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 450 කගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහනක්ද මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
නිවාස, පාසල්, වැඩබිම්, ආයතන පරිශ්‍ර, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට වැඩි අවධානමක් තිබෙන බැවින් අවම වශයෙන් සතියකට විනාඩි තිහක්වත් මේ පිළිබඳව අවධානය යොමු කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන ලෙසද ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කිසියම් හෝ පුද්ගලයෙකුට තද උණ සමග ඇති වන හිසරදය, මස්පිඩු හා සන්ධිපත් වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම හා රුධිර වහන තත්ත්වයන් ඇත්නම් වහාම රෝහලකට හෝ රජයේ පිළිගත් වෛද්‍යවරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
ජයකාන්ත ලියනගේ - බළපිටිය
0 comments :
Post a Comment