පොහොට්ටුව අවුලක - බහුතරය ඇති පළාත් පාලන ආයතන 5 ක තනතුරු තවමත් නැහැ

පොහොට්ටුව අවුලක - බහුතරය ඇති පළාත් පාලන ආයතන 5 ක තනතුරු තවමත් නැහැ

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසා සිටින්නේ විල්ගමුව, ආනමඩුව, බලපිටිය, බෙන්තොට හා නියාගම ප්‍රාදේශීය සභා සඳහා පළාත් පාලන ආයතන ප්‍ර‍ධානීන් පත්කිරීම දේශපාලන පක්ෂයේ ලේකම්වරයා වෙත පැවරෙන වගකීමක් බවත් මැතිවරණ කොමිසම වෙත අදාළ නම් නොලැබීම නිසා ඡන්ද විමසීමෙන් දින 50 කට පසු ද ගැසට් පත්‍ර‍ය මුද්‍ර‍ණය කිරීමට හැකි වී නැති බවයි.

එසේම කහවත්ත ප්‍රාදේශීය සභාව සහ උතුරේ පළාත් පාලන ආයතන ගණනාවකට අතිරේක ලැයිස්තුවෙන් හිමි විය යුතු මන්ත්‍රීවරුන් ද, ඇල්ල ප්‍රාදේශීය සභාවට නම් කළ පුද්ගලයා මිය යාම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට ද අදාළ නම් ද තවමත් ගැසට් කර නොමැති බවද කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

අප්‍රේල් මස 16 ට පෙර පළාත් පාලන ආයතන සඳහා සභාපති/ උපසභාපතිවරුත් තෝරා පත්කර ගත යුතු බවත් මෙම සතිය තුළ සරල බහුතරයක් පමණක් පවතින පළාත් පාලන ආයතන 65 කට වැඩි සංඛ්‍යාවක සභිකයින්ගේ ඡන්දයෙන් සභාපති/ උපසභාපතිවරුන් තෝරා පත්කර ගැනීමට නියමිත බවත් ඔවුන් පෙන්වා දෙයි. උතුරේ පළාත් පාලන ආයතන 9 ක බලය එජාපය හා ද්‍ර‍විඩ ජාතික සන්ධානය එක්ව පිහිටුවීමට නියමිත අතර, මෙම සතියේ දී නැගෙනහිර පළාත් පාලන ආයතන 7 ක බලය පිහිටුවීම එම පක්ෂ දෙක විසින් සිදු කරන බවත් චතුර සේනාරත්න මහතාගේ ‘ජාතික සභාව‘ සහාය ලැබූ පළාත් පාලන ආයතන 2 ක ද, සොරනාතොට හා වැලිමඩ ප්‍රා.ස. බලය ද ශ්‍රීලනිප විසින් ලබා ගෙනඇති බවද පොළොන්නරුව ශ්‍රීලනිප ජයගත් ආයතනයන්හි බලය පිහිටුවීම ද මේ සතියේ සිදු කිරීමට නියමිත බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන්ය.

පළාත් පාලන ආයතන 170 කම 50%ක බහුතර බලයක් රහිත වන අතර එයින් 157 ක වැඩි බලය පොහොට්ටුවට ඇති බවත් ආයතන 13 ක් එජාපයට හා ද්‍ර‍විඩ ජාතික සන්ධානයට හිමිව තිබෙන පසුබිමක සරල බහුතරයක් සහිත ආයතන ගණනාවක බලය පිහිටුවීම සඳහා පොහොට්ටුව හා එජාපය බලවත් උත්සහයක් දරන බවයි කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ.

අල්ලස් ලබාදීම හා වාහන ඇතුළු වෙනත් පහසුකම් ලබාදීම පිළිබඳ චෝදනා/පැමිණිලි ගණනාවක් ද පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී වාර්තා වී ඇති බවද ඔවුන් නිවේදනය කර සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment