පුත්තලම නගරය සහ ඒ අවට ඇති වන රථ වාහන තදබදය සහ සිදුවන රථ වාහන අනතුරු මෙන්ම නගරය තුළ සිදුවෙන අපරාධ මැඩපැවැත්වීම මෙහි මූලික පරමාර්ථය වී තිබේ.
පුත්තලම කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ජේ.ඒ.චන්ද්‍රසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් හා පුත්තලම නව නගරාධිපති කේ. ඒ. බායිස් මහතා, පුත්තලම නාගරික මන්ත්‍රී අලි සබ්රි මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් 2018.03.29 දින මෙම අධීක්ෂණ කැමරා පද්ධතිය විවෘත කිරීම සිදු කළේය.
මෙම ආවේක්ෂණ කැමරා පද්ධතිය පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ආවේක්ෂණය කරනු ලබයි.
සටහන සහ සේයා රූ
කේ.ප්‍රියංකර - පුත්තලම
0 comments :
Post a Comment