අදාළ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළේ සිට මගින් 113 ක් රැගෙන මත්තල ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර මත්තල ගුවන් ගුවන්තොටුපොළින් මගින් 55 දෙනෙකු රැගෙන යාමට නියමිතව තිබුණත් ගුවන්යානය මත්තලට ගොඩ බස්සමින් තිබියදී කුරුල්ලෙකු ගැටී තිබේ.
මගීන් 113ක් ගුවන්තොටුපොළේ අතරමං වෙයි
අනතුරුව ඩුබායි සිට ලංකාවට පැමිණි මගින් 20 දෙනෙකු මත්තල ගුවන්තොටුපොළින් බැස පිටව ගොස් තිබේ. නමුත් කටුනායකින් ඩුබායි යාමට පැමිණි 113 දෙන සහ මත්තලින් ගුවන් තොටුපොළින් ඩුබායි යාමට පැමිණ සිටි 55 මේ වන විටත් ගුවන්තොටුපොළ තුළ රැඳී සිටින බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් නොමැතිව එම පිරිස අපහසුතාවයට පත්ව ඇති බවත් මගින් පවසා සිටී.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මත්තල ගුවන්තොටුපොළ නිලධාරියෙකු පවසා සිටියේ කුරුල්ලෙකු ගැටීමෙන් පසු ගුවන්යානය ගුවන් ඉංජිනේරුවකුගේ පරීක්ෂාවකින් තොරව පියාසර නොකරන බවත් කටුනායක ගුවන්තොටුපොළ සිට ඉංජිනේරුවෙකු ඉක්මනින් කැඳවීමට කටයුතු කරන බවයි.
පැය 6ක් ගියත් ඉංජිනේරුවන් නැහැ
නමුත් මේ සම්බන්ධයෙන් මගියෙකු කියා සිටියේ පෙරවරු 7.11 සිට පස්වරු 01 පමණ වනතෙක් පැය හයකට අධික කාලයක් ගතවුවත් කොළඹ සිට ඒ වනතෙක් ඉංජිනේරුවෙකු ගෙන ඒමට ගුවන්තොටුපොළ බලධාරීන් අසමත් වූ වගයි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
0 comments :
Post a Comment