එජාප මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් වරෙක ඔහු සිය පවුලේ සියලු දෙනා සමගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට ද ගියේය. එසේම රාජපක්ෂලාගේ අනුහසින් ඔහු අතිවිශේෂ ගැසට් නිවේදනයක් හරහා පොලීසියේ ASP තනතුර දක්වා උසස් කරගැනීමට කටයුතු කළේය. එදා රංගෙ බණ්ඩාර රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධූරය ඉල්ලා සිටි අතර ඒ සඳහා ඔහුට තිබූ එකම සුසුදුකම පොලීසියේ සේවය කිරීම පමණි.
කෙසේ වෙතත් එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට රංගෙ බණ්ඩාර අසමත් වුවද දිගින් දිගටම රාජපක්ෂලා සමග රහසේ ගනුදෙනු කළේය.
රාජපක්ෂලා සමග හොර රහසේ ගනුදෙනු කළ රංගෙ බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ 'මම පක්ෂෙ වෙනුවෙන් මිනී මරපු මිනිහෙක්' යනුවෙනි. එවැනි කැපකිරීම් සිදුකළ තමන්ට කිසිදිනෙක පක්ෂයෙන් ඒ සඳහා වටිනාකමක් නොලැබුණු බවත් තමන් පුත්තලම දිස්ත්‍රික් එජාප නායකයා වුවද කැබිනට් තනතුරක් පවා හිමි නොවූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
වගකීමක් සහිත මහජන නියෝජිතයෙකු ලෙස රංගෙ බණ්ඩාර එවැනි ප්‍රකාශයක් සිදුකළේ නම් එය අතිශය බරපතල ප්‍රකාශයකි. ඔහු මේ පවසන්නේ තමන් පක්ෂය වෙනුවෙන් අපරාධ සිදුකළ අපරාධකාරයෙකු බවයි.
දැන් සිදු කළයුතු වන්නේ ඔහු සිදුකරන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමයි. ඒ හරහා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළයුතුය.
0 comments :
Post a Comment