කියුබාවේ කැස්ත්‍රෝ පාලනය අවසන්, විප්ලවයෙන් පසු උපන් අයෙකු නායකත්වයට

කියුබාවේ කැස්ත්‍රෝ පාලනය අවසන්, විප්ලවයෙන් පසු උපන් අයෙකු නායකත්වයට

නව කියුබානු ජනාධිපතිවරයා වන්නේ මිගුඑල් ඩයස් කැනෙල් ය.

1959 කියුබානු විප්ලවයේ පටන් 2006 දක්වා ෆිදෙල් කැස්ත්‍රෝ කියුබානු නායකයා ලෙස කටයුතු කළ අතර ඔහුගෙන් පසු එම තනතුරට පත්වූයේ ඔහුගේ සොයුරු රාවුල් ය.

නව ජනාධිපති මිගුඑල් පසුගිය වසර 05 තුළ එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර එම තනතුරට පත් පළමු පුද්ගලයා වන්නේ ද ඔහු ය. විශේෂත්වය වන්නේ මිගුඑල් කියුබානු විප්ලවයෙන් පසු උපන් පුද්ගලයෙකු වීමයි.

පසුගිය මාර්තු මාසයේදී කියුබානු පාර්ලිමේන්තුව ඒකච්ඡන්දයෙන් නව ජනාධිපතිවරයා පත්කර ගත් අතර ඔහු තනතුරට පත්වීමෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ සමාජවාදී පාලනය තවදුරටත් රට තුළ ක්‍රියාත්මක වන බවයි. ධනවාදය ව්‍යාප්ත වීමට රට තුළ කිසිදු ඉඩක් නොතබන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

රාවුල් කැස්ත්‍රෝ පාලන කාලය තුළදී පෞද්ගලික අංශය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඇතුළු එතෙක් රට තුළ ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘති ආරම්භ කළ අතර ඒ හරහා පෞද්ලික ව්‍යාපාර සහ ගොවිබිම් ඇති කෙරිණි. ඊට අමතරව එතෙක් අත්හිටුවා තිබූ ඇමරිකා එක්සත් ජනපද තානාපති සබඳතා ආරම්භ විය.

නව ජනාධිපති මිගුඑල් යටතේ එවැනි ප්‍රතිසංස්කරණ තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බව ජාත්‍යන්තර විචාරකයන් අවධාරණය කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment