විස්වාස බංගයට පසු.....

විස්වාස බංගයට පසු.....
"We definitely live in strange times".....අන්න එහෙම උද්ධෘතයක් (Quote ) තියනව කවුරු හරි ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියාපු. මට හරියටම මතක නෑ ඕක කිව්වෙ මාක් ට්වේන්ද ප්ලේටෝද කියල. කොහොම උනත් කියපු කෙනා වැදගත් නෑ. මේ පහුගිය සති දෙක තුනේ ලංකාවෙ දේශපාලන තත්ත්වය ගැන හිතල බලනකොට මගෙ මතකයට ආවෙ ඔන්න ඔය කතාව.
 
ආ...තවත් Quote එකක් මතකෙට ආව විස්වාස බංගෙ ගැන කල්පනා කරද්දි...ඒ ගැන පස්සෙ කියන්නං...
 
රනිල් ගොයිය විස්වාස බංගෙන් දිනුව. විස්වාස බංගෙ ගෙනාපු මුල් දවස්වල රනිල පැරදිල ගෙදර යනවනම් හොඳයි කියල මම හිතාගෙන හිටියෙ. මොකද මහ බැංකු වංචාව තනිකරම රනිලගෙ ගේමක්. ඒකෙ ආය දෙකක් නෑ. 
 
නීලකාසය ජනේලෙ එල්ලිල කතා එහෙම පවත්තල ගෙදර ගියාට පස්සෙ මෛත්‍රීපාල රනිල අගමැති කලානෙ. මිනිහා එදා ඉඳලම සෙට් වුනේ ඔය ගේමට. ඒක මේ ඕනම පුංචි පහේ මං කෙනෙකුට තේරෙනව මිනිහගෙ මුල ඉඳම්ම වැඩ පිළිවෙල පරිස්සමින් අධ්‍යයනය කලොත්. මම එව්ව එකින් එක ආයම කියන්න යන්නෙ නෑ. ඒ මොකද කියනවානම් කලින් ඒ ගැන ලියල ඇති තුන් හතර පාරක්ම.
 
මුලින් මුලින් රනිල ගැන "ඔන්න ඔහෙ මකම බෑවිල පලච්චාවෙ  හොර තක්කඩිය" කියල හිතුනට "Then what the hell will happen next?" කියල හිතෙනකොට තමයි මට තේරුනෙ මේක මේ එහෙම ලේසියෙන් දෙකයි දෙකයි හතරයි කියල විසඳන්ට පුලුවන් ගණිතමය ගැටළුවක් වගෙ එකක් නෙවෙයි කියල.
 
රනිල පැරදුනොත් බොහෝවිට මෛත්‍රී ගොයිය නීලකාසය අගමැති කරාවි. ඒ කියන්නෙ ආය ඉතිං රට නන්නත්තාරයි. 2015 ඉඳල මේ අවුරුදු තුනට යම්තමට හරි යහපාලනය නීති ගරුක භාවය සහ අදහස් ප්‍රකාස කිරීමේ නිදහස යන කාරනා තුනට අදාලව බොහෝ දුරට සාධනීය වෙනසක් වෙලා තිබ්බ නම් නීලකාසය සහ ගොට්ටාස් ආපු ගමං පහුවදා ඉඳල එව්ව ඔක්කොම ඉවරයි. මේ රට ආයම සිම්බාබ්වේ වෙලයි නවතින්නෙ.
 
ඒ හින්ද අන්තිමට මම ප්‍රාර්තනා කලේ විස්වාස බංගෙ පැරදේවා කියලයි. කොහොම හරි ඒ වැඩේ ඉස්ට උනා. මම අර කලින් කිව්වෙ තව Quote එකක් මගෙ හිතට ආව කියල මේ වෙලාවෙ.
 
ඒක තමයි අර මහත්මා ගාන්ධි කිව්වයි කියන කතාව. "Always do the right thing without considering what the consequences might be" හුහ් ගාන්ධිට නම් මොකෝ? එයාට බැරිය බාගෙට හෙලුවෙන් ඉඳගෙන එහෙම කියන්ට කිසි ගානක් නැතුව. මේ වගෙ මගෝඩි අයිය මලෝ රෑනක් එක්ක ජල්ලි අල්ලන්ට තිබ්බෙ නෑනෙ උන්දැට. අපි කොහොමද එහෙම කරන්නෙ?
 
ගාන්ධි තියා ගාන්ධිගෙ මුත්තප්ප කිව්වත් ලංකාවෙ අද තියන තත්වෙ හැටියට එහෙම ඉන් සිදුවිය හැකි අනර්ථකාරී ප්‍රතිඵල ගැන නොසළකා කළයුතු දේ කරල හරියන්නෙ නම් නෑ. හොරා උනත් මේ වෙලාවෙ ආරක්සා කරගන්න ඕන. ඇත්තටම ඒක හොරකම යටපත් කිරීමක්මත් නෙවෙයි. මේ වෙලාවෙ රනිලා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. අන්න ඒකයි ඇත්තම තත්වෙ....
 
රනිලට විස්වාස බංගෙන් උනේ එක අතකින් බැලුවම කියලවත් කරගන්ට බැරි වැඩක්. පෙබරවාරි 10 වෙනිද පැවැත්තුනු පළාත්පාලන චන්දෙන් අන්තිමට කූජිත වෙලා නෝන්ඩි වෙලා හිටිය මනුස්සය අළු ගසා දාල නැඟිටල ආවෙ විස්වාස බංගෙ හින්ද. විස්වාස බංගෙ දිනුවට පස්සෙ රනිලා නීලකාසය එක්ක කියල තියෙන්නෙ ඒකනෙ ගොම්මංපිලයට ඇමතිකමක් දෙන්ට වටිනවය කියල මේ කරපු උදව්වට. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්තම ඇත්ත.....
 
ඒකෙ උනේ අයි තින්ක් නීලකාසය වටේ ඉන්න පට්ට හොරුටික එකතුවෙලා විස්සාස බංගෙ ගේනකොට රනිලව වහ කදුරුවගෙ එපා වෙලා හිටපු යූඇන්පී කාරයින්ටත් ගැම්මක් ආව කොහොම හරි මූව බේරගන්ට ඕන කියල. මූ හොරා තමයි ඒත් අපේ ලීඩර් හොරාට අහල පහල හොරුන්ට ඇවිල්ල කෙලින්ට දෙන්ට බෑනෙ. ඌට ගහනවනං ගහන්නෙ අපි.
 
එහෙම හිතල යූඇන්පී කාරයො බලකරන්ට ඇති එවුංගෙ මන්ත්‍රීලට උඹල විස්වාස බන්ගෙට පක්සව චන්දෙ දීල එහෙම සිංහල අවුරුද්දට ගම් පලාතෙ හතර මායිමේ එන්ට එපා. හතර හන්දි කඩනවය කියල. අන්තිම වෙනකල්ම රනිල් එලවන්ට ඕනය කියල පිට පොට ගහගෙන දඟලපු අර රංගේ බන්ඩ එහෙම අන්තිම මොහොතෙ වන් එයිටි ඩිග්‍රීස් ආපහු හැරුනෙ ඒ නිසා වෙන්ට ඇති බොහෝ විට. සම්ටයිම්ස් සල්ලිත් දෙන්ට ඇති. බර ගනං වලින්. දන්නවනෙ අපේ මහජන නියෝජිතයොය කියන කාපාලුවො ගැන. කාලකන්නි යක්කු.
 
තව එකෙක් අර මුතුහෙට්ටිගම කියන ගාල්ලෙ ජිම් පප්පා. ඒ යකා විස්වාස බංගෙට අස්සනුත් කරපු එකෙක්. අන්තිමට චන්දෙ දෙන්ටවත් ආවෙ නෑ. අනික් දෙන්න මෝඩවන්සයයි ගොම්මංපිලයි. ගොම්මංපියලනං කලින් දවසෙත් පොළවෙ පස් කෑවලු විස්වාස බංගෙ දිනන එක හෙට ඉර පායනව වගෙ ඉස්තිරයි කියල.
 
දැන් මෙතන වෙච්චි දේ මෙන්න මේ ආකාරයි. පෙබරවාරි දහවෙනිද බයියො ඔක්කොම එකතුවෙලා නීලකාසය දිනෙව්වනෙ. ඔය බයියො කියන්නෙ මහ පුදුම ජාතියක්. විලි ලැජ්ජාවක් කියල එකක් ගෑවිලවත් තියන කොට්ටාසයක් එහෙම නෙවෙයි. උං වැඳුං පිදුං කරන නායකයොම තමයි උංව දෙකේ කොලේට දාල කතා කරන්නෙ. ඒත් ලැජ්ජ නෑ. ආයම ගිහිල්ල චන්දෙ දෙනව.
 
පෙබරවාරි දහ වෙනිද පලාත්පාලන චන්දෙ දිනුවට පස්සෙ අර එකෙක් කියාපි චන්දෙට පොල්ලෙල්ලක් දැම්මත් දිනනවයි කියල. හැබැයි එකක් තියෙන්නෙ ඒ මනුස්සය හරියටම තේරුම් අරං තියනව බයියො කියන්නෙ කවුද කියල. "අන්න අර පොල්ලෙල්ලට චන්දෙ දීපිය" කිව්වොත් ඒකත් කරනව කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව. 
 
ඉතිං පෙබරවාරි දහවෙනිද පොල්ලෙල්ලො ටික දිනුවම නීල කාසයා ප්‍රමුක හොර තක්කඩි රැල කුල්මත් වෙලා පස් වනක් ප්‍රීතියෙන් පිනා ගියා. ඒ මොකද කියනවනං දැං ඔය නීල්කාස් ඇතුලු හොරු රංචුවටම නඩු පිට නඩු වැටිලනෙ තියෙන්නෙ.
 
ජොනීට සතොසෙං ගැහැව්ව කියල නඩුවක්. මෝඩවන්සයට ඩබල් පාස්පෝට් නඩුවක්. මාල හොරාට ඒත් අයතා අන්දමින් මුදල් උපයාගැනීම ගැන නඩුවක්. ගොම්මංපිලට අර සුද්දෙක් රවට්ටල ඌව සුද්ද කලා කියල නඩුවක්. නිව් විලේජ් හවුස්ට කෝටි දහයකද කොහෙද ගානකට ගෙයක් ගත්තෙ කොහොමද කියල නඩුවක්. නාමෝලට අර මොකක්ද කොම්පැනියකින් අල්ලස් ගත්තයි කියල නඩුවක්. භක්ෂිශීලයන්ට මඟ නැඟුමෙ සල්ලි ගසාකෑව කියල නඩුවක්. අතිගරු ගොට්ටාතුමාට මිග් ගනුදෙනුව ගැන නඩුවක්.
 
එතනිං ගිහාම එක්නැලිගොඩ නඩුව, ලසන්ත නඩුව, තාජුඩින් නඩුව... ඔය විදිහට මිස්ටර් නීල්කාස්ගෙ හොර තක්කඩි  ටික අවුරුදු ගානකට වැලිකඩ කූරු ගනින්ට යන්ට ඔන්න මෙන්න කියල තිබ්බෙ. ඉතිං ඒ අල්ල පනල්ලෙ පලාත්පාලන චන්දෙ දිනුවම ඔන්න හොරු ටික අලු ගසා දල එක විදිහක් වෙලා ආව. මෙන්න පුතෝ චෑන්ස් එක මේ වෙලාවෙ මේ උනුහුම පිටම කොහොම හරි ආන්ඩුව පෙරල ගත්තනං අපි ඔක්කොමලට හිරේ නොගිහිං බේරුනෑකි. 
 
එහෙම හිතල අර දිනෙස් ලොක්කයි වාසුදේවයි ඉස්සරහට දාල පුලුවන් තරම් දත කෑව මොකක් හරි ජල්ලියක් අල්ලන්ට. ම්හු හරි ගියේ නෑ. ඊට පස්සෙ තමයි ඔය මහ බැංකු මගඩිය ඉස්සරහට දාල රනිලා පන්නන්ට විස්වාස බංගෙ ගෙනාවෙ. අන්තිමට ඒකත් පුස්ස බින්දාවගේ වෙච්චි. නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.
 
ranilලංකාදීප පත්‍රයේ පළවූ තලංගම ජයසිංහගේ කාටූනයකි. විමල් වීරවංශ නැටුම් ඇඳුමින් සැරසීද ගම්මන්පිල බෙරයක් කරේ එල්ලාගෙනද විශ්වාස භංග යෝජනාව අවසානයේදී පාර්ලිමේන්තු මන්දිරයෙන් නික්ම යති. "නමය හමාරයි තොවිලෙ හමාරයි" යනුවෙන් කාටූනයේ ඉහළ සඳහන්වේ.
 
ඉතිං අවසාන වසයෙන් උනේ කොහොමින් කොහොමින් හරි රනිල දිනපු එකනෙ. ඉතිං ඊලඟට මොකද කරන්නෙ? ඊලඟ ජනාදිපතිවරනෙට තව අවුරුදු දෙකකටත් අඩුකාලයක් තියෙන්නෙ. ඊලඟ පාර්ලිමේන්තු මැතිවරනෙට අවුරුදු දෙකකුත් මාස හතරයි. 
 
ඉතිං ඔය බොහොම සුට්ටං කාලෙදි ලොකු වැඩ කොටසක් කරන්න තියෙනව ආන්ඩුවට ජහග්‍රහනය ගැන යම්තමටවත් බලාපොරොත්තුවක් තියාගන්ට නම්.
 
එහෙම දෙයක් කරන්ට එකම ක්‍රමේ නම් 2015 ජනවාරි 08 වෙනිද මෛත්‍රීපාල සහ රනිල් එක්ක රැඳිල හිටපු රටේ පාලන ක්‍රමයෙ සැබෑ වෙනසක් ප්‍රාර්තනා කරපු මිනිස්සු ආයම ඇදල ගන්ට වෙනව. 
 
එච්චරම තමයි කරන්ට තියෙන්නෙ. එහෙම කරගන්ට රනිල්ට පුලුවන් වෙයිද කියල අපි බලා ඉමු සහ ප්‍රාර්තනා කරමු.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment