අසීෆාට ඉන්දියාවෙන් තහංචි !

අසීෆාට ඉන්දියාවෙන් තහංචි !
එම ඉල්ලීම  රැගත් සන්දේශයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාර දීමට ගියද එහි සිටි නිලධාරින් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ එය භාර ගැනීමට කිසිවෙක්  නොමැති බව පවසමිනි. 
 
ඒ අනුව එම සංදේශය තැපැල් මගින් එවන ලෙස ඔවුන් විරෝධතාකරුවන් දැනුවත් කර තිබේ. 
 
විශේෂයෙන්  ඉන්දියාවේ කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැළැක්වීමට අගමැති මෝදී අසමත්ව සිටින බවයි විරෝධතාකරුවන්  සඳහන් කළේ. ඊට විරෝධය පළකරමින් අගමැති මෝදී ගේ හා ඉන්දීය ජාතික ධජයේ ප්‍රදර්ශන පුවරු ගිනි තැබීමද සිදු විය.
 
අසීෆා බෝනෝ ලෙස හදුන්වන මුස්ලිම් ජාතික  දැරිය හින්දු දේවස්ථානයක බලහත්කාරයෙන් දින කිහිපයක් රඳවා ගෙන සමූහ දුෂණයට ලක් කර ඝාතනය කර කැලයක දමා ගොස් තිබියදී පසුගියදා සොයා ගෙන තිබුණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා  සඳහන් කර තිබුණි. 
 
ඉන්දියාවේ වර්ධනය වෙමින් පවතින මෙවැනි කන්තා හා ළමා ඝාතන සිදුවීම් ගොන්නට එක්වන අසීෆා දැරියගේ සිදුවීමත් ඉන්දියාවේ  ලිංගික හිංසන ව්‍යාප්තිය මෙන්ම හින්දු මුස්ලිම් ආගමික ගැටුමද පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණේ. 
 
ආශිකා බ්‍රාහ්මණ
 
asifa 1
asifa 2
asifa 3
asifa 4
 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment