'විශ්වාසභංග යෝජනාව ගෙනාවේ මෛත්‍රීයි' - බිමල්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එහි පළමු අත්සන යොදා ඇත්තේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.

විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

" කෝප් කමිටුවේදී අපිට දස වද දුන්නා. අගමැතිවරයා එජපා මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවමින් විශාල බලපෑමක් කළා. එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට දූෂණයෙන් තොරව යන්න තිබූ ගමන නවතා දැමුවා. රාජපක්ෂ පවුලේ දූෂිතයන් ආරක්ෂා කිරීමට අගමැති කටයුතු කළා. දූෂිතයන්ව ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළා.

විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. එහි පළමු අත්සන යෙදුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතායි.

ඡන්දෙන් පස්සේ මෛත්‍රීට ඕන වුණේ ඡන්දය පරාජය වීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට දෙන්නයි. මුලින්ම රනිල් ඉවත් කරන්න හැදුවා. පසුව 113 හදාගන්න හැදුවා ඒකත් බැරිවුණා. රනිල් වික්‍රමසිංහ හොරු ආරක්ෂා කළානම් ඊටත් වඩා මෛත්‍රී හොරු ආරක්ෂා කළා.

මේ විශ්වාසභංග යෝජනාවේ ජුදාස්ලා තුන්දෙනයි. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන  හා මහින්ද රාජපක්ෂ"

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment