රොහලේදී බිරියගේ කට බලෙන් ඇර සැමියා වහ කුප්පියක් හලලා


තම බිරියට බලහත්කාරයෙන් වස වර්ගයක් පෙවූ බව කියන එක්දරු පියකු උඩදුම්බර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා උඩුදුම්බර, හුන්නස්ගිරිය, බඹරබැද්ද ප්‍රදේශයේ
පදිංචිකරුචකු වන අතර,
ඔහු තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් සරත් ප්‍රේමකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස 25 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බී.ජී. අජිත් සමන් කුමාර නමැත්තෙකි. සැකකරු විසින් බලහත්කාරයෙන් වස පෙවීම නිසා අසාධ්‍ය වූ එක්දරු මව පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්වය බරපතළ බැවින් අංක 16 වාට්ටුවට ඇතුළු කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. සැකකරු තම බිරිඳට වස පොවා ඇත්තේ ඇය තම සොහොයුරිය සමග උඩදුම්බර රෝහලට පැමිණි අවස්ථාවේ දී බවත්, ඔහු බිරිද රෝහලේ සිටිනු දැක ඇය වෙත ගොස් එක්වරම ඇයගේ මුව බළහත්කාරයෙන් ඇර මුව තුළට කුප්පියකින් වස පොවා ඇති බවත්, උඩදුම්බර පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment