'ජනපති ශ්‍රීලනිප ඇමතිවරුන් කැඳවයි : ඇමතිලා ඉල්ලා අස්වීමට සුදානම්'

විශ්වාසභංග යෝජනාව පරාජයවීමෙන් පසුව මතුව තිබෙන නව දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීලනිප අමාත්‍යවරුන් අද (05) ජනාධිපතිවරයා හමුවී ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් තමන් සහය දැක්වූ බවට පලවන පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව විශේෂ විමසීමක් සිදුකර ඇති අතර පක්ෂය සම්බන්ධව ප්‍රකාශ නිකුත් කිරීමේදී වැදගත්ව එම කටයුත්ත සිදුකරන ලෙස දැනුම්දී ඇත.

ඇත්ත තත්ත්වය මාධ්‍යට කියන්න !

තමන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ලබාදුන් නිර්දේශය නිවැරදි කර මාධ්‍ය වෙත දන්වන ලෙස ජනාධිපතිවරයා ජේෂ්ඨ අමාත්‍යවරයෙකුට උපදෙස් දී ඇති බවත් ඒ අනුව ඔහු අගමැතිට එරෙහි විශ්වාසභංගයේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ක්‍රියා කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත නොවන බවට අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඉල්ලා අස්වීමට සුදානම් !

එසේම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් අමාත්‍යවරුන්ගේ ඉදිරිය සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර එහිදී එම අමාත්‍යවරුන් නියෝජනය කරමින් එක් අමාත්‍යවරයෙකු සඳහන් කර ඇත්තේ පක්ෂය තීන්දුවක් ගන්නවා නම් අමාත්‍යධුරය අත්හැරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment