මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි සහකාර පී.එම්.බී.විජේකෝන් (36) මහතායි. පහරකෑමට ලක්වූ විජේකෝන් මහතා පොළොන්නරුව මහ රෝහලේ 18 වාට්‍ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඒ මහතා සිද්ධිය පිළිබඳව මෙසේ විස්තර කළේය.
"අපිට ඊයේ රාත්‍රී 8.30 ට විතර තොරතුරක් ලැබුණා වැලි ජාවාරම්කරුවන් පිළිබඳව. ඒ අනුව මමයි කාර්ය මණ්ඩලයයි සූදානම් වෙලා සියඹලාගස්වාඩිය ප්‍රදේශයේ අනවසර වැලි ජාවාරම්කරුවන් වැලි ගොඩ ගොඩ දමන ස්ථානය පරීකෂා කිරීමට ගියා. අපට තොරතුරු ලබා දෙන්නා පැවසුවේ මිල්ලගස්වාඩිය ප්‍රදේශයටත් අපේ ටීම් එකක් යොදවන්න කියලා. ඒ දාලා මිල්ලගස්හන්දියට මම ටීම් එකක් එක්ක අවා. ඒ එද්දී ට්‍රැක්ටර් සද්දය ඇහුණා, අපි ඒ ගන්න යද්දී අපි සිටි තැනට දෙන්නෙක් ආවා. එක් අයෙක් හඳුනාගත්තා මම, මගෙන් ඇහුවා "රාජකාරි කළා ඇති නේද, ටාන්සර් යන්න කැමතිද" කියලා. ඊට පස්සේ මම කිවුවා "ඔයා කවුද මට ටාන්සර් දෙන්න. මට ටාන්සර් දෙනවා නම් අධ්‍යක්ෂ ජනරාල් ටාන්සර් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මට පහර දුන්නේ. මට අමාරු නිසා රෝහල් ගත වුණා. 18 වාට්ටුවේ ප්‍රතිකාර ගන්නවා දැන්. මේ සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසියට පැමිණිලි කරලා තිබෙනවා."
මේ පිළිබඳව පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මු.පො.ප.එම්.එස්.එම්.ජරූල් මහතාගෙන් සිදු කළ විමසුමක දී හෙතෙම කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
ප්‍රියන්ත බණ්ඩාර - පොළොන්නරුව
0 comments :
Post a Comment