
ඊයේ (04) එම ආයතනය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඒ බව නිවේදනය කරනු ලැබීය.
දකුණු ආසියාවේ විශාලතම මානව සම්පත් සම්මේලනය වන මෙය 1000කට අධික දේශීය විදේශීය පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී වීමට නියමිතය.
සමුළුවේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ HSBC හි ප්‍රධාන විධායක නිලධාරී මාක්.ජී. ප්‍රෝතෙරෝ මහතා විසින් පැවැත්වීමට නියමිත අතර සමුළුවේ විවිධ තාක්ෂණික සැසිවාරයන්හිදී විශේෂ දේශනා කිහිපයක්ද පැවැත්වීමට නියමිතය.
එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ IPM Sri Lanka ආයතනයේ සභාපති මහාචාර්ය අජන්තා ධර්මසිරි මහතා පවසා සිටියේ "ඩිජිටල් ලෝකයේ මානව සම්පත් පරිවර්තනය" තේමාව ඩිජිටල් ලෝකයට මනාව ගැලපෙන බවයි.
2018 මානව සම්පත් සමුළුවේ සභාපති ප්‍රියංකර සෙනෙවිරත්න, IPM Sri Lanka ආයතනයේප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජී.ජී. තෙන්නකෝන් මහතා ද එහදී සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබීය.
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න
















0 comments :
Post a Comment