මහින්දගේ ට්‍රිපල්-K කල්ලිය ගැන චම්පිකගෙන් හෙලිදරව්වක් !

මහින්දගේ ට්‍රිපල්-K කල්ලිය ගැන චම්පිකගෙන් හෙලිදරව්වක් !
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පලකළේ දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 
 
විශ්වාස භංගය ගෙනා අයටත් චෝදනා තිබෙනවා 
 
"අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයේ දේශපාලනය කුමක්ද, විශ්වාස භංගය ගෙන ආ අය කිව්වේ අග‍්‍රාමාත්‍යවරයා බැඳුම්කර සිද්ධියට වගකිව යුතු නිසාත්, ඒ වගේම මහනුවර ඇති වූ ගැටුම්වලට මැදිහත් වී කටයුතු නොකිරීම නිසා ඔහු කෙරෙහි විශ්වාසය භංග වී ඇති බවයි. අපි පළමුවම තෝරාගත යුතු කාරණය වන්නේ බැඳුම්කරයේ වංචාවක් සිදු වූ බව මේ ආණ්ඩුවම පිළිඅරගෙන තිබෙන බවයි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් පත් කර ඒ සම්බන්ධයෙන් වූ ඇමතිවරුන්ට ඉල්ලා අස්වීමට සලස්වල යුක්ති සහගත විදිහට දැන් නඩු පවරලා ඒ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යන බවයි. ඒ වගේම මේ විශ්වාස භංගය ගෙන ආ පිරිස්වලට බැඳුම්කරය හා සමාන එන්ට‍්‍රස්ට් වංචාව, මිග් ගණුදෙනු වංචාව, ඒ වගේම කොළඹ නගරයේ වටිනා ඉඩම් තුට්ටු දෙකට විකුණලා එම ඉඩම්වලින් කොමිස් ගහගැනීමේ වංචාව, ඒ වගේම බැඳුම්කරයට සම්බන්ධ පර්පචුවල් ටෙසරීස් ආයතනයම 2013 - 2014 වර්ෂවල අනිසි ලෙස මිලියන 864ක් ලාභ ඉපැයීම ආදී චෝදනා 1700 ක් මොවුන්ට එරෙහිව තිබෙනවා.
 
රාජපක්ෂගේ අසූචි වලේ ලැග්ග මඩ ගා ගත් සූකරයෝ 
 
මෙය දූෂණයට එරෙහිව ආ කි‍්‍රයාවලියක් නෙමෙයි. ඒ වගේම මහනුවර තෙල්දෙනියේ සිදුවීම පිළිබඳව මහින්ද රාජපක්ෂගේ අසූචි වලේ ලැගලා ඉන්න සූකර දේශපාලකයින් අන් අයට මඩ ගහන්න උත්සාහ කළාට මේ වන විටත් පොහොට්ටුවේ මන්ත‍්‍රීවරු 6 දෙනෙක් ඒ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වී හෝ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිනවා. එක්තරා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුත් මේ කුපිත කිරීම්වලට සම්බන්ධව දැන් පරීක්‍ෂණ පවත්වාගෙන යනවා. එහෙමනම් මේ සියල්ලේම චෝදනා අභිමුඛ කාරණය ගත්තොත් එය ඉදිරිපත් කිරීමේ සදාචාරාත්මක අයිතියක් රාජපක්ෂ කල්ලියට තිබුණේ නැහැ. එහෙමනම් ඔවුනට තිබුණේ කුමක්ද? ඔවුනට තිබුණේ පැහැදිලි දේශපාලන වුවමනාවක්. රාජපක්ෂ කල්ලියේ රිංගාගෙන සිටින  Ku Klux Klan  කල්ලිය එහෙම නැත්නම් ටි‍්‍රපල් කේ කල්ලිය (කේලමෙන්, කෙටවීමෙන්, කුට්ටියෙන් දේශපාලනය ගෙනයන දෙතුන් දෙනෙකුගෙන් සමන්විත කල්ලිය)  රාජපක්ෂගේ අනුහසින් ලබාගත්ත මේ ලක්‍ෂ 47 ඡන්දය පාවිච්චි කරලා ආණ්ඩුවක් පිහිටුවල මැති ඇමතිකම් අරගෙන තමන්ගේ කුට්ටිය නැවත සරි කරගන්න ඔවුන්ට හැකිවේවි කියලා විශ්වාස කළා. 
 
විශ්වාස භංගය අගමැතිට නව ජීවයක්  දුන්නා 
 
නමුත් අවසානයේ සිදු වුණේ කුමක්ද? අවසානයේ දී පොහොට්ටුවේ මැතිවරණ ජයග‍්‍රහණය රාජපක්ෂ කල්ලියේ ජනමාධ්‍ය විසින් ඉහළට එසෙව්වා මේ විශ්වාස භංගය ජය ගැනීම ඉර හඳ වගේ විශ්වාසයි කියලා. අවසානයේදී ඉහළට ඔසවපු රාජපක්ෂ කල්ලිය බිමට අත ඇරීම තමයි මේ ඇත්තන් කළේ. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහත්මයාට නව ජීවනයක් ලබාදීම තමයි මේ හරහා සිදුවුණේ. ඒ නිසා තමයි ඊයේ අග‍්‍රාමාත්‍යවරයා මේ සඳහා ඉදිරිපත් වූ අසූචි වලේ සූකරයින්ට තැන්ක් යූ කියලා උස් හඬින් පාර්ලිමේන්තු ලොබියේදී කිව්වේ. 
 
රාජපක්ෂට ගාල් වුණු ට්‍රිපල් K කල්ලිය 
 
මෙතන සිදුවුණේ පැහැදිලි දේශපාලන කුමන්ත‍්‍රණයක්. මේ කුමන්ත‍්‍රණයේ අරමුණ කුමක්ද? මේ රාජපක්ෂ කල්ලියට ගාල් වෙලා ඉන්නවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පිටින් ආපු තම තමන්ගේ හිටපු දේශපාලන පක්ෂවලට කෙකා පෙන්වපු, කොකා පෙන්වලා විදේශ රටවල කෝටි ගණන් ප‍්‍රකෝටි ගණන් මෙරටටත්, විදේශ රටවලත් රැස් කර ගත්ත අර ටි‍්‍රපල් කේ කල්ලිය. හොර පාස්පෝට් හදපුවා, හොර අත්සන් ගහපුවා, ප‍්‍රකෝටි ගණන් ධනය මංකොල්ල කාපුවා, අයථා විදිහට ධනය හම්බු කර ගත්ත නඩු හබ ටික දැන් ඇසෙමින් තිබෙනවා. ඊට ප‍්‍රථම ඇමතිකම් අරගෙන මේවා යටගහ ගන්න පුළුවන්ද කියලා තමයි ඔවුන් බැලුවේ.
 
මේ ඇත්තන්ට බලය නැතුව බැහැ. බලයත් සමග ඔවුන් හිතුවා මේ සේරම යටගහගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම මෙතන අභ්‍යන්තර අරගලයක් තිබුණා. ඒ තමයි මේ පොහොට්ටු පක්ෂය පිහිටෙව්වට පස්සේ ඒ පක්ෂයයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි අතර සන්ධානයක් ඇති කර ඉදිරියට යාමේ උත්සාහයක් ජනාධිපතිතුමා සමග හිටපු පිරිසක් අතරේ තිබුණා. නමුත් බැසිල් රාජපක්ෂ මහතා මෙයට තරයේම විරුද්ධ වුණා. ඔහු පොහොට්ටුව තනියෙන්ම මැතිවරණයට ගෙන ගියා. බැසිල් රාජපක්ෂ මහත්මයා මේ පොහොට්ටුවේ බලය තහවුරු කර ගැනීමත් සමගම අර කේලංකාර, කෙටවිලි කාර, කුට්ටියට දේශපාලනය කරන පිරිස්වලට ඒ පොහොට්ටුවේ තැන නැතිවන බව ඔවුන්ට දැනුණා. ඔවුන් පෙළ ගැසුණා ගෝඨාභය පිටිපස්සේ. ගෝඨාභයට ඇති ආදරයකට නෙමෙයි රාජපක්ෂ පවුල කෙටවීමේ අරමුණින් ඔවුන් ගෝඨභය පිටුපස පෙල ගැසී මෛත‍්‍රී ජනාධිපතිතුමාට ඉදිරියේ ජනාධිපති මැතිවරණයේ තරඟ කරන්නත්, ගෝඨාභය අගමැති කරන්නත් කියලා අර මෛත‍්‍රී ජනාධිපතිතුමා වටේ හිටපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට තවත් කේලමක් කියලා කෙටවිල්ලක් කරලා කුට්ටියක් කඩා ගන්නයි බැලුවේ.
 
වෙනස් නොවුණොත්  ඉරණම වෙනස් විය හැකියි 
 
ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයින් උදම් විය යුතු නැහැ අපි මහා ජයග‍්‍රහණයක් ලබාගත්තයි කියලා. මොකද පාර්ලිමේන්තුවේ ජයග‍්‍රහණයට වඩා වැදගත් වන්නේ ජනතාවගේ ජයග‍්‍රහණය. පළාත් පාලන මැතිවරණයේ ලැබිච්ච ප‍්‍රතිපලවලින් පෙන්වා දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට රටේ ජනගහණය 28% ක් පමණයි ඡන්දය ලබාදී තිබෙන්නේ කියලා. මේ විදිහට අපි ඉදිරියට ගමන් කළොත් එක්සත් ජාතික පක්ෂයේ තිබෙන පෙරමුණට තිබෙන ඡ‍න්ද ප‍්‍රමාණය තවත් අඩුවෙලා ඒක ඉතාම සුළු පක්ෂයක් බවට පත්වීම වලක්වන්න බැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් අතු ගෑවිලා ගියා වගේ ගමනක අවසානයක ගියා වගේ එක්සත් ජාතික පක්ෂයටත් වෙනස් නොවුනහොත් ඒ ඉරණම අත්වෙන්න ඉඩ තිබෙනවා.
 
පොහොට්ටුවේ දෙදිරීමක් 
 
මේ විශ්වාසභංගය ජය ගැනීම නිසා අනිවාර්යයෙන්ම පොහොට්ටු පක්ෂයේ නව දෙදරීම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය වගේම ආණ්ඩුව ප‍්‍රතිසංස්කරණය කිරීමේ වගකීම ජනාධිපතිතුමාට, අගමැතිතුමාට තිබෙනවා මේ මාස 18 ඇතුළත. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේ ජනවරමත් 2015 අගෝස්තු මහ මැතිවරණ වගකීමත් ඉටු කරන්න. නැතිනම් මේ රටේ උගත් මධ්‍යම පන්තියත්, පහල පාක්ෂිකයත් තව දුරටත් කළකිරිලා රට අගාධයට පත්වීම වලක්වන්න බැහැ. ඒ නිසා වහාම මේ ඉදිරි කාලයේදී මේ විශ්වාස භංග ජයෙන් උදම් නොවී ප‍්‍රතිසංස්කරණය කඩිනම් කළ යුතුයි, ඉක්මන් කළ යුතුයි, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන තරුණ නායකත්වයට පක්ෂය තුළත්, පෙරමුණ තුළත්, ඒ වගේම මධ්‍යම ආණ්ඩුව තුළත් බලතල ලබාදිය යුතුයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment