
අද (14 ) දහවල් හලාවතදී පැවති මාධ්‍ය හමුවකදී හලාවත දිස්ත්‍රික් ධීවර සංවිධානයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.
හලාවත හා පුත්තලම යන ධීවර දිස්ත්‍රික් දෙකේ ග්‍රාමීය ධීවර නායකයන් 80 දෙනෙකු පමණ මේ මාධ්‍ය හමුවට එක්විණි. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ධීවරයන් මුහුණ පා සිටින තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මේ මාධ්‍ය හමුව කැඳවා තිබුණි. මෙහිදී ඩීසල් භාවිතා කරන්නන් සඳහා දැඩි නීති ගෙන ආ හැකි බව හලාවත දිස්ත්‍රික් ධීවර සංවිධානයේ ලේකම් සුදේශ් ප්‍රනාන්දු පැවසීය.
රජය තම ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී හිතුවක්කාර ලෙස හැසිරෙන තෙක් වෙන්නප්පුවේ සිට කල්පිටිය දක්වා ධීවර ගම්මාන සියයකට ආසන්න ප්‍රමාණයක ධීවරයන් මුහුදු යාම වර්ජනය කිරීමට ද මාධ්‍ය හමුවෙන් පසු පැවති සාකච්ඡාවේදී තීරණය විය.
වයඹ ධීවරයෝ මුහුදු යාම වර්ජනය කරති
මේ අතර ඉන්ධන මිළ ඉහළ දැමීමට විරෝධය පළ කරමින් වයඹ වෙරළ තිරයේ ගම්මාන රැසක ධීවරයන් ඊයේ (13 ) රාත්‍රියේ සිට මුහුදු යාම වර්ජනය කරනු ලැබුණි. මේ හේතුවෙන් අද (14 ) දිනයේ එම තීරයේ ප්‍රධාන මත්ස්‍ය වෙළඳපොළවල් රැසක් පාළු ස්වභාවයක් ඉසුලූහ.

මෙලෙස විරෝධය පළ කළ ගම්මාන අතර වෙන්නප්පුව, මාරවිල, තොඩුවාව, හාලවත, කරුකපනේ,කන්දකුලිය යන ගම්මාන ප්‍රධාන වෙයි. හලාවත ඇතුළු ප්‍රදේශ කීපයක නගර මධ්‍යයේ හා බෝට්ටු තුළ කළු කොඩි ඇද දමා තිබෙන අයුරුද දැක ගන්නට ලැබිණි.

හලාවත මාළු වෙළඳපොල පාළුවට යයි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මත්ස්‍ය වෙළඳපොළක් වන හලාවත මත්ස්‍ය වෙළඳපොළද මේ හේතුවෙන් අද දිනයේ පාළු ස්වභාවයක් ගන්නා ලදී. මේ හේතුවෙන් මාළු මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයනට හිස් අතින් ආපසු හැරී යාමට සිදු විය.
2012 වර්ෂයේ ඉන්ධන මිළ ඉහළ දැමීමත් සමග රට පුරා ධීවරයන් මහා පාරට බැස විරෝධය පළ කළ අතර එහිදී පොලිස් වෙඩි පහරකට ලක්ව හලාවත ඇන්ටනි ප්‍රනාන්දු මිය ගිය අතර තවත් පිරිසක් බරපතල ලෙස තුවාල ලැබිය. භූමිතෙල් මිළ අඩු කිරීමට පියවර නොගතහොත් රජයට විරෝධය පළ කරමින් 2012 දී මෙන් රට පුරා ධීවරයන් සමග පාරට බසින බව ද හලාවත දිස්ත්‍රික් ධීවර සංවිධානයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසිය.


0 comments :
Post a Comment