මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ලබන 26 දා සිට

53befb55cb

මත්ද්‍රව්‍ය දුර්භාවිතය සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය ජුනි 26 වැනිදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ජුනි 26 වැනි දා සිට ජුලි 02 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය. දිවයිනම ආවරණය වන පරිදි මෙම මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවත් පාසල් දරුවන්, තරුණ පිරිස, දෙමාපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. සියලු රාජ්‍ය ආයතනවල ද  මෙම සතිය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවත් එසේ ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳ වාර්තාවක් ජනාධිපති ලේකම්වරයාට ලැබීමට සලස්වන ලෙස දැනුම් දී ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීම අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විශාලතම අභියෝගයක් බව පෙන්වා දුන් සභාපතිවරයා පාසල් දරුවන් සහ තරුණ පරපුර ඉන් මුදා ගැනීමේ ජාතික වගකීම ඉටු කිරීමට සියලුදෙනාගේ ම සහයෝගය අවශ්‍ය වන බව ද වැඩිදුරටත් පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment