ගෝඨා බලාපොරොත්තු සහගතයි : මාස 2න් ඇමෙරිකා පුරවැසිභාවය අවසන් කර ගත හැකියි!


මාස දෙක තුනකින් තමන්ට ඇමෙරිකානු පුරවැසිභාවය අවසන් කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25දා) පැවැසීය.

ඩි.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවත් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය  පවත්වන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (25දා)  පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් ඔහු මේ බව පැවැසීය.

මහින්ද මට තාම දැනුම් දීලා නෑ


හිටපු ලේකම්වරයා එසේ ප්‍රකාශකලේ එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමාට තවමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දීමක් සිදු කර නොමැති බවත්, තමාට එවැනි අවස්ථාවක් උදාවන්නේ නම් ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ ඇති පුරවැසිභාවය ඉවත් ගැනීමට මාස 2 ක වැනි ඉතා සුළු කාලයක් ගතවන බවත් පවසමිනි.

එසේම පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬේරුවේ උපාලි හිමියන් තමන්ට පෞද්ගලිකව කළ අනුශාසනාවක් මූලික කරගනිමින් විවිධ ප්‍රකාශ කිරීම සුදුසු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment