දෙහිවල, නාවල, රාජගිරිය පර්චසයක මිල ලක්ෂ 50 ක් දක්වා ඉහළට.



කොළඹ නගරය තුළ ඉහළම ඉඩම් වටිනාකමක් ඇති ප්‍රදේශ ලෙසින් දෙහිවල, නාවල හා රාජගිරිය හඳුනාගෙන තිබේ. LankaPropertyWeb.com විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකින් මෙම තොරතුරු අනාවරණය වේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ සාපේක්ෂව අඩුම ඉඩම් මිලක් පවතින ප්‍රදේශ ලෙසින් ඉංගිරිය, පාදුක්ක හා කොස්ගම වාර්තා වේ.

මෙම අධ්‍යයනයට අනුව දෙහිවල, නාවල හා රාජගිරිය යන ප්‍රදේශවල ඉඩම් පර්චසයක මිල රුපියල් මිලියන 3 ත් 5 ත් අතර වේ. ඒ හැරුණු විට ගල්කිස්ස, නුගේගොඩ හා ඇතුල්කෝට්ටේ යන ප්‍රදේශවල ඉඩම් පර්චසයක මිල රු. මිලියන 2-3 ත් අතර වන බවත් පිටකෝට්ටේ, පැලවත්ත, බත්තරමුල්ල යන ප්‍රදේශවල ඉඩම් පර්චසයක මිල රු. මිලියන 1.7-2 ත් අතර වන බවත් හෙළි වී තිබේ.

මේ අතර රත්මලාන, බොරලැස්ගමුව හා මහරගම යන ප්‍රදේශයන් හි ඉඩම් පර්චසයක් මේ වන විට රුපියල් මිලියනය ඉක්මවන බව වාර්තා වේ. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉඩම් පර්චසයක් සඳහා වාර්තා වී ඇති අවම මිල රු. 50,000 ත් රු. 100,000 ත් අතර වන බව මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. ඒ ඉංගිරිය, පාදුක්ක හා කොස්ගම ප්‍රදේශවලිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment