දිවියා ඝාතනය සම්බන්ධයෙන් 6 ක් අත්අඩංගුවට

කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ගම්මසානයේ වාසය කරන 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සිදුවූ පසුව සමාජ ජාලාවෙත
එම වීඩියෝ පට මුදාහැර තිබුනේ ‘වීර කමක්‘ කළා ලෙස වුවත් පසුව එම විඩියෝ මගින්ම වරදකරුවන් අල්ලාගන්නට පොලිසිය කටයුතු කර තිබේ.
වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගෙන මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව පොලිසිය පවසයි.
දිවියා ඝාතනය කිරීමට නිතිය ක්‍රියාත්මකවනු ඇතැයි ගම්මුන් මුලින් කල්පණා නොකර තිබුනේ තම පිරිසටතුවාල කළ නිසා එකට එක කිරීමක් ලෙස ඌ මරාදැමීම සිදු කළා යන අපකල්පණයෙනි.
නමුත්

පසුව දිවි ඝාතනයට සම්බන්ධ සැකකරුවන්  කොළඹ හා මඩකලපුව ප‍්‍රදේශවලට පැන ගොස් සැඟවී සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනකු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 29 වැනි දා බන්ධනාගාර ගත කර සිටියි.
මුලින් දෙදෙනෙකුද ඊයේ (24) රාත‍්‍රීයේ  පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකුද අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ක‍්‍රිශ්නපුරම්, මයිල්වානගම් හා ධර්මපුරම් පදිංචි අවුරුදු 22ත් 27 අතර වයසේ පසුවන්නෝ වෙති.
දිවියා කළ පහරදීම් හේතුවෙන් වනජීවි නිලධාරියකු ඇතුළු දස දෙනකු තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment