තුර්කි බලය අර්තුකාන් යළි අත්පත් කරගනියි

Capture

තුර්කි ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද ගණනක් කිරීමෙන් එරට ජනාධිපති රිසෙප් තයිප් අර්තුකාන් ජය හිමිකර ගෙන ඇති බව එරට මැතිවරණ අධිකාරිය සදහන් කර ඇත. තුර්කි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඊයේ දිනයේ පැවැත්වුණි. ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන 56.39ක පිරිසක් සුදුසුකම් ලබා සිටියේය. එරට මැතිවරණ අධිකාරියේ ප්‍රධානී සේඩි ගුවෙන් සදහන් කර ඇත්තේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් ජනාධිපති රිසෙප් තයිප් අර්තුකාන් හිමිව ඇති බවය එසේම තුර්කියේ රාජ්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ, අර්තුකාන් 52.6% ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව ඡන්ද 99% ක් ලබා ඇති බවය‍ ඔහුගේ ප්‍රතිවාදියා වන මුහාරම් ඉන්සි ලබා ඇති ඡන්ද ප්‍රතිශකය 30.6% කි. 222 අවසන් නිල ඡන්ද ප්‍රතිඵල ලබන සිකුරාදා නිකුත් කිරීමට නියමිතය. තුර්කි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබුණද රිසෙප් තයිප් අර්තුකාන් එම මැතිවරණ කලින් පැවැත්වීමට තීරණය කළේය. වසර 15ක කාලයක් පුරා පැවති සියලු මැතිවරණයන්හි ජය හිමි වූයේ ජනාධිපති අර්තුකාන් හට වීමද විශේෂත්වයකි.  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment